ඔස්ට්‍රේලියානුවන්ගේ මෝටර් රථ භාවිතයට සිදු වූ දේ

මෝටර් රථ හිමිකාරිත්වයට අදාළ පිරිවැය ඉහළ යාම හේතුවෙන් බොහෝ ඔස්ට්‍රේලියානුවන් එක් මෝටර් රථයකට සීමා වෙමින් පවතින බව අනාවරණ වී තිබෙනවා.

නව පර්යේෂණයකට අනුව ඔස්ට්‍රේලියාවේ මෝටර් රථයක් හිමිකර ගැනීමේ පිරිවැය ජාතික උද්ධමන අනුපාතයට වඩා තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථ හිමිකරුවන්ට ප්‍රවාහනය සඳහා සතියකට ඩොලර් 435ක් වැය කිරීමට සිදු වන බව ඔස්ට්‍රේලියානු මෝටර් රථ සංගමය ගණනය කර ඇති අතර එය සාමාන්‍ය ආදායමෙන් දළ වශයෙන් සියයට 17ක් පමණ මුදලක්.

සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ මෙම තත්වය මත පවුලකට එක් මෝටර් රථයක් තබා ගැනීමට සීමා වී ඇති බවයි.

මෝටර් රථ ණය ආපසු ගෙවීම විශාලතම පිරිවැය වන අතර එය සාමාන්‍ය පවුලකට සතියකට ඩොලර් 190 දක්වා මුදලක් වනවා.

ඉන්ධන පිරිවැය ද සතියකට ඩොලර් 100 කට වඩා වැඩි වී ඇති අතර ප්‍රවාහනයට අදාළ අනෙක් ගාස්තු ද ඩොලර් 70ට ළඟා වෙමින් ඇති බව සඳහන්.

ප්‍රවාහනයට ඉහළ යන වියදම් පවුල් ඒකක සඳහා අදාළ ගැටලුවක් පමණක් නොව පාරිභෝගික භාණ්ඩවල මිල ද ඉහළ නංවන බවයි සැපයුම් සමාගම් පෙන්වා දෙන්නේ.

ප්‍රවාහන වියදම් ඉහළ යාම ඕනෑම භාණ්ඩ හා සේවාවක් වෙත බලපෑම් කරන අතර එබැවින් සියල්ල මිල වැඩි වීමට පටන් ගන්නා බව විමර්ශකයන් ප්‍රකාශ කරනවා.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »