ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ගැන සුබදායී පුවතක්

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය දෙසැම්බර් කාර්තුවේදී සියයට 0.2කින් වර්ධනය වී ඇති බව නව සංඛ්‍යාලේඛන දත්ත මගින් හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව දත්ත මහින් අනාවරණය කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සැප්තැම්බර් මාසයේ සිට සියයට 0.3 කින් ඉහළ යෑම මීට හේතුව බවයි.

මෙම වර්ධන අගය වසරකට වැඩි කාලයක් තුළ සිදු වූ කුඩාම වර්ධනය වන නමුත් එය මෙරට ආර්ථිකයට නව තල්ලුවක් එක්කරන බව සඳහන්.

ගෝලීය ආර්ථික අවිනිශ්චිත වුවද සියලු අභියෝග නොතකා මෙරට ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වන බව භාණ්ඩාකාරික ජිම් චාමර්ස් පවසනවා.

දෙසැම්බර් මාසයේදී යම් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කලද එම අගය පසුගිය කාලසීමාවට සමගාමිව අඩු අගයක් බවද සදහන්.

ABSහි ජාතික ගිණුම් ප්‍රධානී කැතරින් කීනන් පවසන්නේ ජනතාව තම ගෘහාශ්‍රිත ඉතුරුම් අනුපාතය යම්තාක් ඉහළ නංවා ඇති බවයි.

වැටුප් සහ රජයේ ආධාර ගෙවීම් වැඩි වීම සහ අභිමත වියදම් පහත වැටීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ ආදායමෙන් සියයට 3.2ක් ඉතිරියක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්.

පොලී අනුපාතය සහ උද්ධමනය ඉහල යෑමත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාවෙහි අඩුවීමක් මෙතක් පෙන්නුම් නොකෙරෙන අතර බොහෝ වියදම් කපා හැරීමටයි ජනතාව කටයුතු කර ඇත්තේ.

නිවසේ පිසූ ආහාර අනුභවය, මත්පැන්, සමාජ ශාලා සහ ආහාරපාන සඳහා වියදම් පාලනය කිරීමට ද ඔස්ට්‍රේලියානුවන් පෙළඹ තිබෙනවා.

විදුලි බිල්පත්, කුලී නිවාස, ආහාර සහ සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඔවුන්ගේ වියදම් තවදුරටත් ඉහළ ගොස් ඇති බව ද පසුගිය කාර්තුවේ දර්ශක මගින් අනාවරණය වීතිබුණා.

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »