සමාජ මාධ්‍ය දරුවන්ගේ යහපත් පැවැත්ම සඳහා බලපෑම් එල්ල කරන බව නව යොවුන් වියේ පසුවන දරුවන් සිටින ඔස්ට්‍රේලියානු දෙමාපියන් පවසනවා.
දෙමාපියන් එසේ සඳහන් කළ ද ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව අතර ඔන්ලයින් ආධාරක සේවාවක් වන රීච් අවුට් (ReachOut) දත්ත පෙන්වා දෙන්නේ නව යොවුන් වියෙහි පසුවන දරුවන්ගේ ගැටලු අතර සමාජ මාධ්‍යට හිමිවන්නේ 24 වන ස්ථානය බවයි.
දෙමාපියන් දරුවන්ගේ ගැටලු සඳහා මූලික හේතුව සමාජ මාධ්‍ය ලෙස නම් කළ ද නව යොවුන් වියේ පසුවන දරුවන් අතර ඊට එහා ගිය ගැටලු පවතින බව එමගින් තහවුරු වී තිබෙනවා.
ReachOut හි ප්‍රධාන විධායක නිලධාරී ජැකී හැලන් පවසන්නේ වත්මන් දෙමාපියන් ද සමාජ මාධ්‍ය සමග වැඩි ගනුදෙනුවක නිරත වන බැවින් දෙමාපියන් ඒ මත නිගමනයන්ට එළඹ ඇති බවයි.
ධනාත්මක මාර්ගවලින් සමාජ මාධ්‍ය භාවිතා කරන තරුණ ප්‍රජාවගේ වර්ධනයක් වර්තමානයේ පෙන්නුම් කරන බව ජැකී හැලන් පෙන්වා දී තිබෙනවා.
නව යොවුන් වියේ පසුවන්නන් වැඩි වශයෙන් දුරකථන භාවිත කිරීම දෙමාපියන්ට බෙහෙවින් සුලබ සිදුවීමක් වීම මත මෙලෙස නිගමනයන්ට එලඹ ඇති බවද සඳහන්.
සමාජ මාධ්‍යට අමතරව පාසල් වැඩ සහ විභාග කාර්ය සාධනය පිළිබඳ කනස්සල්ල වැනි සැඟවුණු ගැටළු රැසක් දරුවන් අතර පවතින බව හෙළිව තිබෙනවා.
සමීක්‍ෂණයට ලක් වූ යෞවනයන්ගෙන් සියයට 57ක් පවසන්නේ ඔවුන් හිතාමතාම මානසික නිදහස හා විවේකයක් ගැනීම සඳහා අන්තර්ජාලයට පිවිසෙන බවයි.
මීට අමතරව උසස් අධ්‍යාපනය සහ මුදල් පිළිබඳ කනස්සල්ල සමස්තයක් වශයෙන් තරුණ තරුණියන් අතර ඉහළම ගැටළු ලෙස ශ්‍රේණිගතව පවතිනවා.
පවතින ජීවන වියදම හමුවේ අනාගත රැකියාව සම්බන්ධයෙන්ද බියක් පවතින බවයි ඇතැමුන් සඳහන් කර ඇත්තේ.
ඒ අනුව වත්මන් ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව අතර දෙමාපියන්ට නොපෙනන ගැටලු රැසක් පවතින බව හෙළිව තිබෙනවා.