වික්ටෝරියා ප්‍රාන්තය අපද්‍රව්‍යවලට වටිනාකමක් එක් කරයි

ප්‍රථම වරට අපද්‍රව්‍යවලින් බලශක්තිය නිපදවීමේ නවතම ව්‍යාපෘතියක් වික්ටෝරියා ප්‍රාන්තය තුළ ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

එනම් ගෘහාශ්‍රිව එක්රැස්වන කසල ඇතුලු අපද්‍රව්‍ය මගින් බලශක්ති නිවදවීමට සුදානම් වන අතර එම බලාගාරය ලැට්‍රෝබ් නිම්නය ආශ්‍රිතව ඉදිකිරීමටයි සුදානම් කර ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය ඔස්ට්‍රේලියාවේ ඔපල් සමාගම හා සම්බන්ධව සිදුකෙරෙන අතර වික්ටෝරියා රජය විසින් බලාගාරයක් සඳහා නිල වශයෙන් බලපත්‍රයක් ලබා දී ඇති බව සඳහන්.

විශේෂයෙන් කුඩා දරුවන්ගේ නැපි, මෘදු ප්ලාස්ටික්, ලෝහ සහ සත්ව ලෝම පවා පුළුස්සා වාෂ්ප සහ විදුලිය උත්පාදනය කර ගැනීමේ නව තාක්ෂණික ක්‍රමවේදයක් මෙම ව්‍යාපෘතිය සතු වනවා.

අපද්‍රව්‍ය ප්‍රදේශයේ සංවෘත භූගත ස්ථානයකට භාරදීම සිදු කළ යුතු අතර ඒ තුළ තැම්පත් කරමින් අදාළ ක්‍රියාන්විතය සිදු වනු ඇති.

ඔපල් ඔස්ට්‍රේලියා සමාගමේ සංවර්ධන සාමාන්‍යාධිකාරී ඩේවිඩ් ජෙට්සන් සඳහන් කර ඇත්තේ උඳුන් තුල තාපය නිපදවීමට අපද්‍රව්‍ය දහනය කළ යුතු අතර ඒ සඳහා සුදුසුම ප්‍රදේශය ලැට්‍රෝබ් නිම්නය බවයි.

කෙසේවෙතත් මෙම තත්වය එම ජනතාවගේ සෞඛ්‍යයට අවදානමක් ගෙන දෙන බව ලැට්‍රෝබ් නිම්නයේ මිනිසුන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් පෙනී සිටින පාරිසරික කණ්ඩායම් පෙන්වා දී තිබෙනවා.

බලාගාරයේ සැලසුම් සහ පිරිවැය ඇස්තමේන්තු ආරම්භ කිරීම සඳහා භූ තාක්ෂණික අධ්‍යයනයක් ද මේ වන විට සිදු කර අවසන්.

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »