ප්‍රමුඛ පෙළේ සමාගම් ගැන වෙනස් කතාවක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල ආර්ථික වර්ධනය මෙම වසරේදී මන්දගාමී භාවයක් පෙන්නුම් කරන බව හෙළිවී තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ නිකුත් කරනු ලැබූ ආර්ථික වර්ධන දර්ශකය අනුවයි ප්‍රමුඛ සමාගම් මෙලෙස මන්දගාමී ලාභ ඉපැයුමක් වාර්තා කර ඇති බව හෙළිවී ඇත්තේ.

සංචිත බැංකු අනුපාතය, පාරිභෝගික වියදම්වල මන්දගාමීත්වය, විරැකියාව වැනි කරුණු මේ සඳහා සෘජුව බලපා ඇති බව වාර්තා වනවා.

ලැයිස්තුගත කර ඇති සමාගම්වලින් සියයට 81ක් ලාභයක් උපයා ඇතත් පසුගිය වසර හතර තුළ අඩුම ප්‍රතිඵල වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.

2023 දෙසැම්බර් දක්වා අර්ධ වර්ෂය තුළ මුළු ලාභය සියයට 35කින් පහත වැටීමත් සමඟ සමාගම්වලට මුදල් ඉපැයීම දුෂ්කර වී ඇති බව කොම් සෙක් (CommSec) ආර්ථික විද්‍යාඥයින් වන ක්‍රයිග් ජේම්ස් සහ රියන් ෆෙල්ස්මන් (Craig James and Ryan Felsman) පවසනවා.

එවැනි මන්දගාමි ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළද ඔස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 200හි කොටස් හිමියන්ට ඉදිරි මාසයේ ලාභාංශ වශයෙන් ඩොලර් බිලියන 33.9ක් ඇස්තමේන්තු කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 0.2ක අඩුවීමක්.

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මේ තත්වය මගහරවා ගනිමින් රටේ ආර්ථිකය වඩා හොඳ ස්ථානයක තබා ගෙන, පොලී අනුපාත අවම වශයෙන් ස්ථාවර කර සංක්‍රමණ කටයුතු ඉතා ශක්තිමත් ලෙස දිගටම පවත්වාගත යුතු බවයි.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »