විදෙස් සංචාරවල යෙදෙන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න

අනවසර ඖෂධ සහ මත්ද්‍රව්‍ය හේතුවෙන් විදෙස් සංචාරයේ යෙදෙන ඔස්ට්‍රේලියානුවන් විශාල ප්‍රමාණයකට ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ සහය පැතීමට සිදුව තිබෙනවා.

විදෙස් රටවල සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන් විවිධ බෙහෙත් ද්‍රව්‍ය එම රටවලින් මිලදී ගැනීමේදි ඉතා සැලකිලිමත් විය යුතු බවටයි උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර ඔස්ටේලියාව තුල නිත්‍යානුකූල වන යම් ඖෂධයක් විදෙස් රටකදී තහනම් ඖෂධයක් විය හැකි වන අතර යම් රටක සංචාරය කරන විට එම ඖෂධය භාවිතය එම රට තුළ නීතිගත ද යන්න සොයා බැලීම ඉතා වැදගත් වනු ඇති.

විවිධ ඖෂධ වර්ග ඔස්ට්‍රේලියාවෙන් පිටතදී ලබාගැනීම පහසු වූ පමණින් එසේ නොකිරීමට වගබලා ගත යුතු බවට ද ජනතාවට දැනුම් දෙනවා.

එසේම විදෙස් රටවලදී ඇතැම් ඖෂධ වර්ග වෛද්‍ය උපදේශයකින් තොරව මිලදී ගැනීම ඉතා අන්තරාදායක විය හැකි බව ද සඳහන්.

මීට පෙර භාවිතා කර තිබූ ඖෂධයක් වුව ද වෙනත් රටකදී මිලදී ගැනීමට යෑමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු බවටයි අවධාරණය කෙරෙන්නේ.

බොහෝ ඖෂධවල සංයුතිය සහ ගුණාත්මකභාවය ඔස්ට්‍රේලියානු ඖෂධ හා සැසඳීමේදී ඉතා අඩුමට්ටමක තිබිය හැකි බැවින් වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධ භාවිතය සෞඛ්‍ය අවධානමක් ද ඇති කළ හැකියි.

ඇතැම් ඖෂධවලට ඇබ්බැහි වීම, මතක ශක්තිය අඩු වීම, ලිංගික බෙලහීනතා මෙන්ම එම ඖෂධ මත්ද්‍රව්‍ය සමග භාවිතයෙන් මරණය පවා සිදුවීමේ අවදානමක් පවතින බව සඳහන්.

විදෙස් රටක සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන් එම රටේ නීතියට යටත් විය යුතු අතර නීත්‍යානුකූල නොවන ඖෂධ හෝ මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් වුවද ළඟ තබා ගැනීම වෙනුවෙන් දැඩි දඬුවම් පැමිණවීමේ හැකියාව එම රටවල පවතින බවයි දැනුම් දෙන්නේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »