පඩියෙන් වැඩි කොටසක් බදුවලට වැය වෙන හැටි

ඔස්ට්‍රේලියානුවන්ගේ වැටුපෙන් වැඩි කොටසක් බදු ගෙවීම සඳහා යෙදවෙන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

ෆයින්ඩර් විසින් සිදු කළ මෙම අධ්‍යයනයට අනුව ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 64ක් සඳහන් කර ඇත්තේ තම වැටුපෙන් වැඩි කොටසක් බදු ගෙවීම සදහා යෙදවෙන බවයි.

එනම් මිලියන 13ක් වැනි ප්‍රමාණයක් මෙලෙස තම වැටුපෙන් විශාල මුදලක් බදු ගෙවීම සඳහා යොදවන බවයි හෙළිව ඇත්තේ.

පුද්ගලයින් 1004 දෙනෙකු සමීක්ෂණ සඳහා සහභාගි කරගෙන ඇති අතර ඉන් වැඩිදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ තම වැටුපෙන් වැඩි කොටසක් බදු ගෙවීම් වෙනුවෙන් යොදවන බව විශ්වාස කරන බවයි.

වයස අවුරුදු 29ත් 44ත් වයසේ පසුවන්නන් බදු සඳහා වැඩි මුදලක් වෙන් කෙරෙන වයස් කාණ්ඩය ලෙස සැළකෙන අතර වයස අවුරුදු 45ත් 54ත් වියෙහි පසුවන්නන් දෙවන කාණ්ඩය ලෙසයි නම්කර ඇත්තේ.

ෆයින්ඩර් හි පුද්ගලික මූල්‍ය විශේෂඥ සාරා මෙගින්සන් පැවසුවේ ජීවන වියදම හමුවේ මෙලෙස ජනතාව පීඩාවට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් තුන්වන අදියරේ බදු කප්පාදු සංශෝධනයන් සමග ජීවන වියදම් සහන ලබා දීම සඳහා ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ට බදු අඩු කිරීම් ජූලි 1 වනදා සිට ලබා දෙන බව රජය නිවේදනය කර තිබෙනවා.

මෙම සමීක්ෂණය සදහා සහභාගිවූවන්ගෙන් 4න් 1ක් තම මූල්‍ය අනාගතය ගැන බියක් හෝ අශුභවාදී හැඟීමකින් පසුවන බව සඳහන් කර තිබීම ද විශේෂත්වයක්.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »