ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටින වංචනික පුද්ගලයින් පිළිබද දැනුවත් වන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
පුද්ගලික දත්ත යාවත්කාලීන කිරීමේ මුවාවෙන් යම් වංචනික කණ්ඩායමක් විසින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමේ නිරත වන වට පැමිණිලි රැසක් මේ දිනවල ලැබී ඇති බව සඳහන්.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල නිලධාරින් යැයි පවසා ක්‍රෙඩිට් කාඩ් තොරතුරු හෝ බැංකු විස්තර, ඉමි එකවුන්ට්වල (ImmiAccount) පාස්වර්ඩ් මෙලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව පුද්ගලයින් තම එදිනෙදා දුරකතන ගෙවීම් මෙන්ම ඒ හා සම්බන්ධ තොරතුරු ද ඉල්ලා ඇති බව සඳහන්.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ දෙපාර්තමේන්තුව හරහා තොරතුරු ලබා ගැනීමේදී තම කාර්ය මණ්ඩලය ඕනෑම තොරතුරක් විමසීමට පෙර සෑම විටම තමන්ව හඳුන්වා දී සාකච්ජාව ආරම්භ කරන බවයි.
එලෙස සම්බන්ධ වන නිලධාරීන් සැමවිටම අදාළ අනන්‍යතා තොරතුරු සමග සම්බන්ධ වන අතර ලිපිගොනු අංකය හෝ වීසා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළ දිනය වැනි දේ තහවුරු කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතිය ඔවුන්ට පවතිනවා.
අනන්‍යතාව පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීමට අසමත් සෑම පුද්ගලයෙකු පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වන අතර දෙපාර්තමේන්තුවේ නම සඳහන් කල පමණින් පෞද්ගලික තොරතුරු කිසිවක් ලබා නොදෙන්නැයි ජනතාවට දැනුම් දී තිබෙනවා.
එසේ ලැබෙන ඇමතුම් හෝ වංචනික පුද්ගලයින් සම්බන්ධ තොරතුරු (Scamwatch.gov.au) හරහා ජාතික වංචා-විරෝධී මධ්‍යස්ථානයට වාර්තා කරන ලෙසද වැඩිදුරටත් දැනුම් දෙනවා.