ගෙදර ඉඳන් මාසෙකට ඩොලර් 30000ක් සොයන ඔස්ට්‍රේලියා සරසවි සිසුවිය

විනෝදාංශයක් මගින් මාසිකව ඩොලර් 30000ක් උපයන 20 හැවිරිදි ඔස්ට්‍රේලියානු සිසුවියක් පිළිබඳ පුවතක් බ්‍රිස්බේන් නුවරින් වාර්තා වනවා.

බ්‍රිට්නි කර්ට්නි නම් වු ඇය තම ඇඳුම් කුලි පදනම මත ලබා දෙන ව්‍යාපාරයක් මෙලෙස ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ විශ්ව විද්‍යාල සිසුවිය වසර දෙකකට පෙර සිට තම ඇඳුම් කට්ටලය මගින් මුදල් ඉපයීමට පටන්ගෙන ඇති අතර තම විලාසිතා කුලී පදනම මත ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

මූලිකවම ඇගේ මිතුරන්ට තම ඇඳුම් කුලියට දීම විනෝදාංශයක් ලෙස ආරම්භ කර ඇති අතර පසුව ඇය එය ව්‍යාපාරයක් ලෙස වැඩි දියුණු කර තිබෙනවා.

වර්තමානය වන විට ඉහළ පෙළේ ඇඳුම් 200 කට ආසන්න ප්‍රමාණයක් ඇය සතුව ඇති අතර නිවසෙහි කෑම කාමරයේ එක් කොටසක් ඇදුම් ගබඩා කිරිමට යොදාගෙන ඇති බව සඳහන්.

තම ඉගෙනීම් කටයුතුවලට බාධාවක් නොවන තම විනෝදාංශයම ව්‍යාපාරයක් කර ගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

මුල් කාලයේ දී තමන් හට මෙලෙස ඇදුම් පැලඳුම් මිලදී ගැනීමට හැකියාවක් නොවූ අතර මේ වන විට ඉහළ මිල ගණන් යටතේ වන ඇදුම් තමා සතු බව ඇය සඳහන් කර තිබුණා.

ඇදුම් පිරිසිදු කිරීම, වියළිම හෝ අලුත්වැඩියා කිරීම් සඳහා පාරිභෝගිකයින්ගෙන් මුදල් අය කරන බව ඇය කියාසිටියා.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »