මෙටා සමාගමට අයත් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් ඇතුළු සේවාවල හදිසි බිඳවැටීමට හේතුව තාක්ෂණික ගැටලුවක් බව එම සමාගම පවසනවා.
ඊයේ රාත්‍රි සිදු වූ මෙම හදිසි බිඳ වැටීමත් සමග ෆේස්බුක් පරිශීලකයන්ට තම ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකි වී තිබුණා.
එහෙත් මෙටා සමාගමට අයත් WhatsApp සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් පැවතුණා.
කෙසේවෙතත් පැය කිහිපයක් ඇතුලත එය යථා තත්වයට පත් කිරීමටයි මෙටා සමාගමේ තාක්ෂණික කණ්ඩායම් පියවර ගෙන තිබුණේ.
මෙටා සමාගමේ ප්‍රධාන සන්නිවේදන ප්‍රධානියා වන ඇන්ඩි ස්ටෝන් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ හැකි ඉක්මනින් ගැටලුව විසඳු අතර යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ සඳහා සමාව ඉල්ලා සිටින බවයි.
එක්සත් ජනපද සයිබර් ආරක්‍ෂාව සහ යටිතල පහසුකම් ආරක්‍ෂක ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ මෙම සිදුවීම පිටුපස මැතිවරණ සම්බන්ධතාවයක් හෝ සයිබර් ක්‍රියාකාරකම් සම්බන්ධයක් පිළිබඳව තොරතුරක් නොමැති බවයි.
2021 වසරේදී ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් පැය ගණනක් ක්‍රියා විරහිත වූ අතර, සමාගම පැවසුවේ, එහි දත්ත මධ්‍යස්ථාන අතර ජාල ගමනාගමනය සම්බන්ධීකරණය කරන රවුටරවල දෝෂවල ප්‍රතිඵලයක් මත එය සිදු වූ බවයි.
2022 වසරේ දී ද WhatsApp හි කෙටි ඇනහිටීමක් සිදු වී තිබුණා.