West Gate පාලම මත පැවති විරෝධතාවය අතර සිදු වූ දරු ප්‍රසූතිය

මෙල්බන් නුවර වෙස්ට් ගේට් පාලම මත පැවති දැඩි රථ වාහන තදබදයක් අතර රෝහලයට යමින් සිටි මවක් දරුවෙකු බිහි කර තිබෙනවා.

රොෂ්නි ලාඩ් නම් මෙම කාන්තාව දරු ප්‍රසූතිය සඳහා රෝහලේ නතර වීමට යමින් සිටියදීයි දැඩි වාහන තදබදයකට හසු වී ඇත්තේ.

වෙස්ට් ගේට් පාලම මත පැවති විරෝධතාවක් හේතුවෙන් ඊයේ රථවාහන තදබදය හටගෙන තිබූ අතර මේ හේතුවෙන් තරුණ පවුලක මෙම අනපේක්ෂිත සිදු වීමට මුහුණදී තිබෙනවා.

පාරිසරික ක්‍රියාකාරී කණ්ඩායමක සාමාජිකයන් අඟහරුවාදා පෙරවරු 7.45ට පමණ පාලම මත ට්‍රක් රථයක් උඩට නැඟ, දේශගුණික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් විරෝධතාවයේ නිරත වුණා.

එම දිනයේ උදෑසන මෙම මවට ප්‍රසව වේදනාව හටගෙන ඇති අතර ඇය රෝහලට යමින් සිටියදී විරෝධතාව හේතුවෙන් මාර්ගය අවහිර වී තිබී ඇතැයි සඳහන්.

ඇය සහ ඇගේ සැමියා වාහන තදබදයේ සිරවීම හේතුවෙන් මාර්ගයේම දරු ප්‍රසූතිය සිදු කර ඇත්තේ පාසල් බස් රථයක සිටි ගුරුවරුන් දෙදෙනකුගේ ද පිහිටෙන්.

උපත ලැබූ පිරිමි දරුවා නිරෝගීව සිටින අතර පසුව ගිලන් රථයක් මගින් මව සහ බිළිඳා රෝහලට ගෙන ගොස් තිබෙනවා.

ඊයේ පැවති විරෝධතාවයට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »