ඔස්ට්‍රේලියා සර්ෆින් ක්‍රීඩකයෙක් ඉන්දුනීසියාවේදී දියේ ගිලී මියයයි

ඔස්ට්‍රේලියානු සර්ෆින් ක්‍රීඩකයෙක් ඉන්දුනීසියාවේ සර්ෆින් පුහුණුවක් අතර අතර මිය ගොස් තිබෙනවා.

ඔහුගේ සිරුර අනතුරට ලක්වී මිය ගොස් දිනකට පසුව ඊයේ සොයාගනු ලැබුවේ බාලිහි සංචාරක මධ්‍යස්ථානයේ සිට බටහිර දෙසින් පිහිටි වෙරළක තිබියදී යි.

සුරබයා හි සෙවීම් සහ ගලවා ගැනීමේ ඒජන්සිය පැවසුවේ කිට්ස්ලර් නම් මෙම ක්‍රීඩකයා තවත් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන ක්‍රිස්ටෝපර් සහ නවසීලන්ත ජාතික ග්‍රෙගෝර් සමඟ උදෑසන 5.30ට පමණ සර්ෆින් සඳහා පිටත්ව ගිය බවයි.

විනාඩි 15කින් පමණ ඔහුගේ සර්ෆින් බෝර්ඩ් එක ජලය මත පාවෙමින් ඇති ආකාරය අනෙක් පිරිස දැක තිබෙනවා.

අනතුරට ලක්ව සිටි කිට්ස්ලර් වෙරළට ගෙන ඒමට උත්සාහ කරන විට විශාල රළක් පැමිණ ඔහුගේ පාදයක ගැට ගසා තිබූ කඹය කැඩී ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු දියේ ගිලී මිය ගොස් ඇතැයි සඳහන්.

පසුව කළ සෙවීමේ මෙහෙයුම්වලදී අතුරුදන් වූ ස්ථානයේ සිට කිලෝමීටර් පහක් පමණ ඈතින් පිහිටි බන්යුවන්ගි ප්‍රදේශයේ වෙරළ තීරයේ තිබී මෙම ඔස්ට්‍රේලියා ක්‍රීඩකයාගේ සිරුර හමුවී තිබෙනවා.

ප්‍රසිද්ධ සර්ෆ් සඟරාවක් වන ට්‍රැක්ස් පැවසුවේ කිට්ස්ලර් හැදී වැඩුණේ සිඩ්නි හි බොන්ඩි බීච් හි වන අතර එහිදී ඔහු හොඳම සර්ෆ් ක්‍රීඩකයා ලෙස ද සම්මාන ලබා ගත් බවයි.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »