ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙකු වෛද්‍ය උපදෙස්වලට පටහැනිව Covid වෛරසයට ලබාදෙන එන්නත් 217 වතාවක් ලබාගෙන ඇතැයි වෛද්‍යවරු අනාවරණ කරගෙන තිබෙනවා.
මාස 29 ක කාලයක් තුළ ඖෂධ මිලදී ගෙන පෞද්ගලිකව ඒවා ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මෙම සිද්ධිය ලැන්සෙට් බෝවන රෝග සඟරාවේ ද ලේඛනගත කර ඇති අතර මෙම පුද්ගලයාට මෙතරම් එන්නත් ලබා ගත්ත ද කිසිදු අයහපත් ප්‍රතිඵලයක් අත්විඳ නොමැති බව විශ්වවිද්‍යාල පර්යේෂකයන් සඳහන් කර තිබෙනවා.
ඔවුන් මෙම පුද්ගලයා සම්බන්ධ කර ගනිමින් විවිධ පරීක්ෂණවලට භාජනය වන ලෙස කළ ඇරයුම් ද පිළිගෙන ඊට සහයෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
විශ්ව විද්‍යාල පර්යේෂකයන් මෙම පුද්ගලයාගෙන් කිසිදු අහිතකර සාක්ෂියක් සොයා ගෙන නොමැති අතර ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට ද කිසිදු සලකුණක් නොමැති බව සඳහන්.
නැවත නැවත එන්නත් කිරීම ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති කළ හැකි බව න්‍යායාත්මකව පිළිගන්නා කරුණක් වුව ද ,මෙම පුද්ගලයාට එවැනි තත්වයක් මතුවී නොතිබීම විශේෂත්වයක්.