Search

ඔස්ට්‍රේලියාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින විදේශිකයින්ගේ විසා බලපත්‍රය කල් ඉකුත්වීමට හෝ අවලංගු වීමට පෙර කළ යුතු දේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූලව සිටීමට ක්‍රියාමාර්ග ගත හැකි වන පරිදි ඔබගේ වීසා බලපත්‍රය කල් ඉකුත් වන්නේ කවදාදැයි දැන ගැනීම අනිවාර්ය වනු ඇති.

තවදුරටත් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට වලංගු වීසා බලපත්‍රයක් නොමැති නම් ඔස්ට්‍රේලියාවෙන් පිටවීම අනිවාර්‍ය බව එහි වැඩිදුරටත් සඳහන්.

වීසා කල් ඉකුත්වන දිනය සහ කොන්දේසි වෙවෝ (VEVO), මයි වෙවෝ (my VEVO) යෙදුම හෝ වීසා ප්‍රදානය කර ඇති ලිපියෙන් පරීක්ෂා කළ හැකි අතර චෙක් ඇන් ඊ.ටී.ඒ (Check an ETA) හරහා එම තොරතුරු විමසීමට හැකියි.

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඔස්ට්‍රේලියාවේ රැදී සිටී නම් ඔවුන් ආගමන රැඳවුම් සහ ඔස්ට්‍රේලියාවෙන් නෙරපා දැමීම ඇතුළු බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති.

සංක්‍රමණිකයෙකු ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට කටයුතු කරන විට නිවැරදි පියවර අනුගමනය කිරීම වැදගත් වන අතර එම පිටව යන ආකාරය අනාගතයේදී වීසා බලපත්‍රයක් ලබා ගැනීමට ඇති හැකියාව කෙරෙහි බලපාන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින සෑම සංක්‍රමණිකයෙකු සඳහාම වලංගු වීසා බලපත්‍රයක් තිබිම අනිවාර්‍ය වන අතර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම නීති විරෝධී බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබෙනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »