Search

මෙල්බන් නගරයේ අපිරිසිදුම වාතය තියෙන තැන පළමු වරට වාර්තාවක් හෙළි කරයි

මෙල්බර්න් සදර්න් ක්‍රොස් ස්ටේෂන් හි වාතයේ ගුණාත්මක භාවය විස්තර කෙරෙන දත්ත ප්‍රථම වරට නිකුත් කර තිබෙනවා.

දුම්රිය ස්ථානයේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කර ඇති මාර්ගෝපදේශවලට වඩා 90 ගුණයකට වඩා වැඩි අගයක් ගන්නා බවටයි එමගින් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් වික්ටෝරියා රජය සහ දුම්රිය ස්ථානයේ බලධාරීන් පවසන්නේ තමන් ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන ප්‍රමිතීන් සපුරා ඇති බවයි.

මෙල්බර්න් හි කාර්යබහුලම දුම්රිය ස්ථානයක් වන සදර්න් ක්‍රොස් ස්ටේෂන් හි වාතය සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත්ද යන්න විශ්වාස කළ නොහැකි බවයි පරිසර විද්‍යාඥ කීත් ලව්රිජ් සඳහන් කළේ.

මෙල්බර්න් හි මධ්‍යම වෙළඳ නගරය ආසන්නව පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය ප්‍රාදේශීය දුම්රිය, කෝච් සේවා සහ ගුවන් තොටුපළ ෂටල් බස් සඳහා නගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වනවා.

එම වාහනවලින් පිටවන ඩීසල් දුම්වල බලපෑම පිළිබඳ මතුවූ කනස්සල්ල හේතුවෙනුයි විද්‍යාඥ කීත් ලව්රිජ් මේ පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසට ඉල්ලීම් කර ඇත්තේ.

වික්ටෝරියානු තොරතුරු කොමසාරිස් වෙත යොමු කළ අභියාචනයක් ද ඇතුළුව මාස නවයක සටනකින් පසුව වික්ටෝරියානු ප්‍රවාහන හා සැලසුම් දෙපාර්තමේන්තුව විසින් පිටු 500කට වඩා ඇති වායු දූෂණ වාර්තා නිකුත් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ දුම්රිය ස්ථානයේ කොටස්වල වායු දූෂණය ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය මිනිස් සෞඛ්‍ය අවදානමට ලක් කරන බවයි.

ඩීසල් වැනි පොසිල ඉන්ධන දහනය කළ විට නිපදවන වායුව පෙනහළුවලට සහ රුධිරයට ඇතුළු වී ශරීරය පුරා දැවිල්ල ඇති කළ හැකි අතර එමගින් ඇදුම මෙන්ම හෘදයාබාධ සහ ආඝාත ද ඇති කළ හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

ගර්භනී කාන්තාවන් සඳහා, නොමේරූ සහ අඩු බර සහිත දරුවන් බිහි කිරීමේ අවදානම වැඩි විය හැකි බව ද විශේෂඥයන් පෙන්වාදී ඇතැයි සඳහන්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »