සේවකයාගේ උපදෙස් නොතැකූ Qantas සමාගමට ඩොලර් 250,000ක දඩයක්

COVID-19 වසංගතය ආරම්භයේදී ඒ පිළිබඳ සැලකිලිමත් වූ සේවකයෙකු සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ක්වන්ටාස් සමාගමට ඩොලර් 250,000ක දඩයක් නියම වී තිබෙනවා.

ගුවන් යානා පිරිසිදු කරන චීනයෙන් පැමිණි කාර්ය මණ්ඩලයට COVID-19 අවදානම සහ ඔවුන් අනුගමනය කරන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳ කනස්සල්ල පළ කිරීම හේතුවෙනුයි Ground Services සේවයේ නියුතු මෙම සේවකයා රැකියාවෙන් ඉවත් කර තිබුණේ.

සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළට අනුබද්ධිත ක්වන්ටාස් ග්‍රවුන්ඩ් සර්විස්හි (Qantas Ground Services) සේවයේ යෙදී සිටි සෞඛ්‍ය සහ ආරක්‍ෂක නියෝජිතයෙකු වන ඔහු 2020 වසර ආරම්භයේ දී සේවයෙන් පහ කර තිබුණා.

නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණය විනිසුරු ඩේවිඩ් රසල් පසුගියදා සඳහන් කර තිබුණේ ගුවන් සමාගම වැරදි හැසිරීමක නිරතව සිට ඇති බවයි.

Qantas සමාගම පසුගිය සතියේ මෙම සේවකයාට ඩොලර් 21,000ක් ගෙවීමට ද එකඟ වූ අතර අද අධිකරණයේදී සමාගම වරදකරු කර ඩොලර් 250,000ක දඩයක් ද නියම කර තිබෙනවා.

මෙම සිදුවීම තුළ සැලකිය යුතු වරදක් පවතින අතර නොදැනුවත්කමට වඩා හිතාමතා කළ වරදක් බවයි අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ.

ප්‍රවාහන සේවක සංගමයක් මීට පෙර අධිකරණයෙන් කලින් ඉල්ලා සිටියේ සමාගමට ඩොලර් 500,000ක උපරිම දඩයක් නියම කරන ලෙසයි.

ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට කම්කරුවන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සහ ආරක්ෂක නියෝජිතයින්ගේ කාර්යභාරය අත්‍යවශ්‍ය බව විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා.

සෞඛ්‍ය සහ ආරක්‍ෂිත නියෝජිතයෙකු ලෙස සිය කාර්යභාරය ඉටු කිරීමේදී, වසංගතය පිළිබඳ රජයේ නිවේදන සමඟ යාවත්කාලීනව සිටීම මෙන්ම නිවාඩු දිනයේ පවා පර්යේෂණ සිදු කිරීමේදී මෙම සේවකයා හෘද සාක්ෂියට එකඟව කටයුතු කර ඇති බවයි විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ.

අනාරක්ෂිත ක්‍රියාවන් නතර කිරීමට මෙම සේවකයා දුන් උපදෙස් සමාගම තම ව්‍යාපාරයට තර්ජනයක් ලෙස දැක ඇති බව ද මෙහිදී සඳහන් කෙරුණා.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »