විනාඩි 80ක් ඇතුලත 401ක් නීතියේ රැහැනට හසුකර ගත් පොලිස් මෙහෙයුම

පර්ත් හි නිරිතදිග ප්‍රදේශයේදී පාසල් අවට නියමිත වේග සීමා ඉක්මවා රිය ධාවනය කළ පුද්ගලයන් 401 දෙනෙකුට විනාඩි 80ක කාලයක් ඇතුලත නීතිමය පියවර ගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි 22 වනදා පෙපර්මින්ට් ග්‍රෝව් හි හරස් මාර්ගයකදී පොලිසිය පස්වරු 2.40 සිට 4 දක්වා කැමරා යොදා ගනිමින් ක්‍රියාත්මක කළ මෙහෙයුමක් මගිනුයි මෙම රියදුරන් හඳුනාගෙන ඇත්තේ.

එම කාලය අතරතුර වාහන 1400ක් පමණ කලාපය හරහා ගමන් කළ අතර ඉන් සියයට 29ක් අධික වේගයෙන් ධාවනය වී ඇති බව සොයාගෙන තිබෙනවා.

පොලිසිය ලබා ගත් දත්තවලට අනුව රියදුරන් 281 දෙනෙකු නියමිත වේග සීමාව ඉක්මවා පැයට කිලෝමීටර 10-19ත් අතර ප්‍රමාණයකින්, තවත් සියයට 26ක් සීමාව ඉක්මවා පැයට කිලෝමීටර 20-29ත් අතර සහ රියදුරන් දෙදෙනෙකු සීමාව ඉක්මවා පැයට කිලෝමීටර 40 දක්වා වේගයකින් ධාවනය කර තිබෙනවා.

පොලිස් කමාන්ඩර් මයික් බෙල් ප්‍රකාශ කළේ ළමුන් අවදානමට ලක්විය හැකි පදිකයින් වන අතර පැයට කිලෝමීටර 40ක වේගයෙන් ධාවනය කළ යුතු පාසල් කලාප විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ළමුන්ගේ සහ රථවාහන නියාමකයින්ගේ ආරක්ෂාව සඳහා බවයි.

මෙම මෙහෙයුමෙන් හඳුනා ගත් සංඛ්‍යාලේඛන ඉතා වැදගත් වූ බැවින් ඉදිරියේදී මෙම ස්ථානයට පොලිසිය යෙදවීමට පියවර ගන්නා බවයි ඔහු අවධාරණය කළේ.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »