
ඔස්ට්‍රේලියා පාරිභෝගිකයින් භාණ්ඩවල මිල ගණන්වලට වඩා ලෝයල්ටි වැඩසටහන් සහ ත්‍යාග වැඩසටහන් මත පදනම්ව සාප්පු සවාරි යෑමට ස්ථානයක් තෝරා ගන්නා බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
සුපිරි වෙළඳසල්වල ලෝයල්ටි වැඩසටහන් භාවිතය සියයට 18කින් ඉහළ ගොස් ඇති බව සමීක්ෂකයන් සොයාගෙන ඇති අතර වට්ටම් ලබාදීම පාරිභෝගික ආකර්ෂණයට වඩාත් වැදගත් කරුණක් වන බවයි සාප්පු හිමියන් සඳහන් කර ඇත්තේ.
නොමිලේ ප්‍රවාහනය හෝ වෙනත් සැලකිය යුතු වටිනාකමක් ලබා දෙන ලෝයල්ටි යෝජනා ක්‍රම සඳහා සතුටින් මුදල් ගෙවන බව සාප්පු සවාරි යන්නන්ගෙන් සියයට 30ක් ප්‍රකාශ කර තිබෙනවා.

ඇතැම් වෙළඳසල් තමන්ට ප්‍රමාණවත් වටිනාකමක් ලබා නොදීම ත්‍යාග වැඩසටහන් සඳහා ඇති ප්‍රධාන ගැටළුවක් බවයි ඇතැම් පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ.
සියයට 50ක් ප්‍රකාශ කළේ වඩා හොඳ ත්‍යාග ලබා දෙන්නේ නම් තමන් වෙළඳුන් මාරු කරන බවයි.

අලෙවිකරණය සම්බන්ධ ඊමේල් ලබා ගන්නා බැවින් කිසිදු වට්ටමක් හෝ දිරිගැන්වීමක් නොමැති නම් ඒ සඳහා ලියාපදිංචි නොවන බව තවත් සාප්පු සවාරි යන පිරිසක් කියාසිටියා.