ලොව පුරා රටවල් රැසක ඊයේ රාත්‍රියේ හදිසියේ බිඳ වැටුණු ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය යථා තත්වයට පත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ රාත්‍රී ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් සමඟ ෆේස්බුක් ක්‍රියා විරහිත වූ ඇති බවයි.
කෙසේ වෙතත් සමාගමට අයත් WhatsApp සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් පැවතුණු අතර ෆේස්බුක් සමාගම මෙම හදිසි බිඳ වැටීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.
Meta හි Facebook, Messenger සහ Instagram ලොව පුරා ක්‍රියා විරහිත වීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පරිශීලකයින් අපහසුතාවන්ට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
Facebook සහ Messenger හි මෙම ගැටලුව අනාවරණ වී ඇත්තේ පරිශීලකයන් තම ගිණුම්වලින් ලොග් අවුට් වී ඇති බවත්, නිවැරදි පාස්වර්ඩ් සමඟ නැවත ලොග් වන ලෙසටත් දැනුම් දීම සමගයි.
ෆේස්බුක් බිඳ වැටීමත් සමග එහි පරිශීලකයන් තම කලකිරීම පිළිබඳ සහ අන් අය මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ විමසීම සඳහා ට්විටර් සටහන් තබා තිබුණා.
ගැටළුවට මුහුණ දෙන ඇතැමුන් සිතා ඇත්තේ තම ෆේස්බුක් ගිණුම් හැක් කර ඇති බවට වන අතර ට්විටර් ගිණුම්වල තිබු ප්‍රකාශ හේතුවෙන් එය තවත් පිරිසක් මුහුණ දී ඇති අත්දැකීමක් බවට වටහාගෙන තිබෙනවා.