ලොව පුරා Facebook බිඳවැටෙයි

ලොව පුරා රටවල් රැසක ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හදිසි බිඳ වැටීමක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් සමඟ ෆේස්බුක් ක්‍රියා විරහිත වී ඇති බවයි.

කෙසේ වෙතත් සමාගමට අයත් WhatsApp සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ෆේස්බුක් සමාගම මෙම හදිසි බිඳ වැටීම සම්බ්න්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

Meta හි Facebook, Messenger සහ Instagram ලොව පුරා ක්‍රියා විරහිත වීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පරිශීලකයින් අපහසුතාවන්ට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Facebook සහ Messenger හි මෙම ගැටලුව මතුවී ඇත්තේ පරිශීලකයන් තම ගිණුම්වලින් ලොග් අවුට් වී ඇති බවත්, නිවැරදි පාස්වර්ඩ් සමඟ නැවත ලොග් වන ලෙසටත් දැනුම් දීම සමගයි.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »