සෞඛ්‍ය රක්‍ෂණ වාරිකයට ගෙවන්න වෙන මුදලත් ඉහළ යයි

අප්‍රේල් පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ වාරික අගය සියයට 3.03කින් ඉහළ දැමීමට අදාළ රක්ෂණ සමාගම් පියවර ගෙන තිබෙනවා.

ෆෙඩරල් රජය විසින් ද මෙය අනුමත කර ඇති අතර මෙම නව වැඩිවීම යටතේ ඔස්ට්‍රේලියානුවන් මිලියන 14කට වැඩි පිරිසකට ඔවුන්ගේ සෞඛ්‍ය රක්‍ෂණය සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව සඳහන්.

2023 වසරේ එම අගය සියයට 2.9කින් ද 2022 වසරේ සියයට 2.7කින් ද ඉහළ ගියද 2019 වසරෙන් පසු මෙලෙස සෞඛ්‍ය රක්‍ෂණ වාරික අගයෙහි වර්ධනයක් පෙන්නුම් කළ පළමු අවස්ථාව බවයි වාර්තා වන්නේ.

2023 වසරේ දී උද්ධමනය සියයට 4.1 කින් ඉහළ ගිය අතර උද්ධමනයට අනුකූලව සමාජ ආරක්ෂණ ගෙවීම් ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සඳහන් කළා.

පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් සහිත මිලියන 15ක් වන ඕස්ට්‍රේලියානුවන් සඳහා වඩාත් සාධාරණ දීමනාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා රක්ෂණකරුවන්ගෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සමාගම් තම සාමාජිකයින්ගේ මුදල් සඳහා වටිනාකමක් ලබා දෙන බවට සහතික විය යුතු බවද බට්ලර් අවධාරණය කර තිබෙනවා.

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »