ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා මුදල් හෝ පුද්ගලික තොරතුරු ලබා දීමට පෙර ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් කරන ලෙසයි අමාත්‍යංශය ජනතාවට අනතුරු අඟවා ඇත්තේ.
විශේෂයෙන් වීසා ලබා දීමට බව පවසන ව්‍යාජ කෙටි පණිවුඩ සහ ඊමේල් පණිවුඩයන්ට ප්‍රතිකාර දැක්වීම හෝ ලබා දෙන ලින්ක් වෙත ප්‍රවේශ වීමට පෙර ඒ පිළිබඳ දැනුවත් වන ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රජයේ නිල ලාංඡන භාවිත කරමින් බොහෝ පිරිසක් ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නියෝජිත ආයතන සියල්ලම ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නියෝජිතයින් ලියාපදිංචි කිරීමේ අධිකාරියේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර ඒ පිළිබඳ ප්‍රථමයෙන් විමසා දැනගැනීම අනිවාර්ය වනු ඇති.
ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට පිළිගත් රජයේ ආයතනයක් හා එක්වීම අනිවාර්‍ය බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇති අතර වීසා වංචාවලින් ආරක්ෂාවීම සඳහා පුද්ගලයින් සැමවිට නිල ගිණුම් සමග සම්බන්ධවීමට ද උපදෙස් ලබා දෙනවා.
පිළිගත් සංචාරක නියෝජිතයන්, ඔස්ට්‍රේලියානු වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථාන, හෝ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම තමන් අයත් රටවල තානාපති කාර්යාල වැනි ඔස්ට්‍රේලියානු රජයේ නිල ආයතන සමඟ පමණක් සම්බන්ධ වීම වැදගත්.
වීසා ලබාදෙන මුවාවෙන් සිදුවිය හැකි වංචා අවම කිරීමට එමගින් හැකිවනු ඇති බවයි ඔස්ට්‍රේලියා රජය අවධාරණය කර ඇත්තේ.