ඩිජිටල් තිර එක්කම වැඩි කාලයක් ඉන්න ළමයින්ට සිදු වූ දේ සමීක්ෂණයකින් හෙළිවෙයි

වැඩි කාලයක් ඩිජිටල් තිර සමග කාලය ගත කරන ළමයින්ගේ වාග් මාලාව නරක අතට හැරී ඇති බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

විශේෂයෙන් ඩිජිටල් තිර වෙත නිරාවරණය නොවන ළමුන්ට සාපේක්ෂව ඩිජිටල් තිර වෙත යොමුවන දරුවන් මෙලෙස අසභ්‍ය වචනවලට ඉතා ඉක්මනින් හුරුවන බවයි වාර්තා වී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ටෙලිතොන් කිඩ්ස් (Telethon Kids) ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී මේරි බෲෂි විසින් සිදු කළ අධ්‍යයනයක දී හෙළිව ඇත්තේ මෙලෙස ඩිජිටල් තිර සමග කාලය ගත කිරීමේ දී ළමුන්ට වැඩිහිටි සංවාද 194ක සාමාන්‍ය අගයක් මග හැරි ඇති බවයි.

එසේම භාවිත කරන වචන 1100ක් සහ විවිධ කටහඩවල් 840ක් වයස අවුරුදු 3ට අඩු දරුවන්ට ඩිජිටල් තිර හේතුවෙන් මෙලෙස මගහැරෙන බවයි වාර්තා වන්නේ.

ඩිජිටල් උපාංග වසර දෙකකට වැඩි කාලයක් භාවිත කරන දරුවන් සිටින පවුල් උපයෝගි කරගනිමින් මෙම අධ්‍යයනය සිදු කර තිබුණා.

ළමුන්ගේ ඩිජිටල් තිර මත වූ සංවාද සහ දෙමාපිය සංවාද මෙලෙස අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ ළමුන් වැඩි ප්‍රමාණයක් ඩිජිටල් තිර මතින් ඇසු වචන දෙමව්පිය සංවාදවලදී භාවිත කරන බවයි.

ළමුන් වැඩිහිටියන් සමග භාවිත කිරීමට සුදුසු වචන විශාල ප්‍රමාණයක් මේ හේතුවෙන් කුඩා ළමයින්ගෙන් ගිලිහි ගොස් ඇති බව හෙළිවී තිබෙනවා.

විශේෂයෙන්ම දෙමාපියන් තම කුඩා දරුවන් ඉදිරියේ ජංගම දුරකථන භාවිත කිරීම සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමුව තිබුණා.

දෙමාපියන් නොදැනුවත්ව සිදු කරන ඇතැම් ක්‍රියා වැඩෙන දරුවන්ගේ මානසට ඍජුව බලපෑම් කරන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය දරුවන් ඩිජිටල් තිර මත ගත කරන කාලය සම්බන්ධයෙන් මාර්ගෝපදේශයක් නිකුත් කර ඇති අතර එමගින් නිර්දේශ කර ඇත්තේ ළමුන් දිනකට පැයකට වඩා වැඩි කාලයක් තිර මත ගත නොකළ යුතු බවයි.

මෙළෙස දරුවන් වැඩි කාලයක් ඩිජිටල් තිර මතට නිරාවරණය වීම දරුවන්ගේ සමාජ, මානසික හා සෞඛ්‍ය කෙරෙහි ද බලපාන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »