ඇසට පෙනෙන දෙයටත් වඩා හිතන්න ඕන දෙයක්

අධික තරබාරුකමට තවත් ඔස්ට්‍රේලියානුවන් මිලියන 2.5ක් අලුතින් එක්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය දත්ත අනුව පසුගිය වසර 10 හා සැසදීමේ දී අතිරේක ඔස්ට්‍රේලියානුවන් මිලියන 2.5ක් මෙලෙස නව තරබාරුකම අත්විඳින බව සඳහන්.

සෑම වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටි තරබාරුව අත්දකින අතර එම ජනගහනය මිලියන 6.3ක් වනවා.

එය මීට පෙර සිදු කර ඇති අවසන් ගනණය කිරීමේදි සටහන්ව තිබී ඇත්තේ මිලියන 3.9ක් ලෙස වන අතර එම අගය වැඩිවීම බරපතර සෞඛ්‍ය අවධානමක් ලෙසයි විශේෂඥයින් අවධාරණය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව විශ්ලේෂණයකින් ශරීර ස්කන්ධය පිළිබඳ වාර්තාවක් ද නිකුත් කර තිබෙනවා

ශරීර ස්කන්ධ දර්ශකය 40ට වැඩි පුද්ගලයින් අධි අවදානම් ලෙස සලකනු ලබන අතර එම අගය 35 ත් 39.9ත් අතර පුද්ගලයින් දෙවන වර්ගයේ අවදානම් සහිත පුද්ගලයින් ලෙසයි නම් කර ඇත්තේ.

දියවැඩියාව, ඩිමෙන්ශියාව, ඇදුම සහ හෘද රෝග වර්ධනය වීම කෙරෙහි ද ශරීර ස්කන්ධය බලපාන බව මෙහිදි අනාවරණය වී තිබෙනවා.

විශේෂඥයන් පවසන්නේ සෞඛ්‍යයට අහිතකර ආහාර, මානසික සෞඛ්‍ය ගැටලු සහ තරබාරුකමට ප්‍රතිකාර කරන වෛද්‍ය වෘත්තිකයන් සඳහා ප්‍රමාණවත් පුහුණුවක් නොමැතිකම යන සියල්ල මේ සදහා බලපා ඇති බවයි.

සෞඛ්‍ය පද්ධතිය තුළ බොහෝ විට ප්‍රතිකාර කරන්නේ රෝග ලක්ෂණවලට මිස බර වැඩිවීමට බලපාන මූලික සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය ගැටළු වලට නොවන බවයි සිඩ්නි විශ්ව විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ උපදේශක සහ ලෝක තරබාරු සම්මේලනයේ සභාපති මහාචාර්ය ලුයිස් බෝර් ප්‍රකාශ කර ඇත්තේ.

තරබාරුකම පිළිබඳ ඇසට පෙනෙන ප්‍රමාණයට වඩා සෑම විටම එයට මුල් වූ හේතු පිළිබඳ අවධානය කළ යුතු බවයි මහාචාර්ය ලුයිස් බෝර් සඳහන් කර ඇත්තේ.

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »