තරුණ ප්‍රජාවේ ගැටලුවක් ගැන සමාජ කථිකාවක්

ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව අතර අයිස් ඇතුලු අනෙක් මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීමේ අරමුණින් නව පුනරුත්ථාපන සේවා පුලුල් කළ යුතු බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

විශේෂයෙන් උතුරු සහ බටහිර ඔස්ට්‍රේලියානු කලාපයන්හි තරුණ ප්‍රජාව අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම කලාප තුළ ප්‍රජා නායකයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු තරුණ ප්‍රජාව සඳහා පුනරුත්ථාපනය සහ දැනුවත් කිරීමේ වැඩසටහන් වැඩි දියුණු කරන මෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක් ද තර තිබෙනවා.

විශේෂයෙන් බටහිර කිම්බර්ලි කලාපයේ සභාපති පීටර් මැක් කම්ස්ටී සඳහන් කළේ කලාපයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත හානිය වැඩි වීම හමුවේ කලාපයට අවශ්‍ය උපකාරක සේවාවන් නොමැතිකමින් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

මධ්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍යවලින් සිදුවන හානිය අවම කිරීම පිළිබඳ මෑතකදී නිකුත් කරන ලද ස්ථාවර ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔහු සඳහන් කළේ මේ සඳහා නිසි වැඩපිළිවෙළක් ස්ථාපිත නොකළහොත් ඉදිරියේ දී තත්වය තවදුරටත් බැරූරුම් වන බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් ඉන් මුදවා ගැනීමට නම් පුනරුත්ථාපන සේවා පුලුල් කළ යුතු බවට එහිදි යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

කිම්බර්ලි ප්‍රධාන විධායක නිලධාරී විකි ඩොනල් ප්‍රාන්ත රජයෙන් ඉල්ලා ඇත්තේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමට තෝරා ගන්නා පුද්ගලයින් සඳහා මත්පැන් භාවිතයට සීමාවන් පැනවීමට පෙර පුනරුත්තාපන පහසුකම් සඳහා ආයෝජනය කරන ලෙසයි.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »