වසර 30කට පෙර සොරකම් කළ ෆෙරාරි රථයක් හමුවෙයි

මීට දශක තුනකට පමණ පෙර ඉතාලියේදී ඔස්ට්‍රියානු ෆෝමියුලා වන් රියැදුරු ජෙරාඩ් බර්ගර් සතුව තිබියදී සොරකම් කරන ලද ෆෙරාරි රථයක් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

රතු පැහැති මෙම ෆෙරාරි රථය 1995 වසරේ අප්‍රේල් මාසයේදී මිලදී ගත් ක්‍රීඩා මෝටර් රථ දෙකෙන් එකක්.

බ්‍රිතානයේ තැරැව්කරුවෙකු විසින් ඇමරිකාවේ ගැණුම්කරුවෙකුට සොරකම් කළ වාහනයක් අලෙවි කිරීමට සුදානම් වන බවට නිෂ්පාදකයා විසින් මෙට්‍රොපොලිටන් පොලිස් බලකායට ලබා දුන් තොරතුරක් අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ.

එම බළකායේ සංවිධානාත්මක රථවාහන අපරාධ ඒකකය විමර්ශන ආරම්භ කළ අතර මෝටර් රථය 2023 වසරේ අගභාගයේදී ජපානයේ සිට බ්‍රිතාන්‍යයට ගෙනැවිත් ඇතැයි හෙළි කරගෙන තිබෙනවා.

නිලධාරීන් විසින් මෝටර් රථය අත්අඩංගුවට ගත් අතර, එහි වටිනාකම ඩොලර් 680,000කට ආසන්න බව සඳහන්.

සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සොරකම් කරන ලද දෙවන ෆෙරාරි රථය මෙතෙක් හමුවී නැහැ.

ෆෙරාරි සමාගම විසින් 1994 සහ 1996 අතර මෙම මාදිලියේ මෝටර් රථ නිෂ්පාදනය කරන ලද අතර මෝටර් රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 315ක්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »