
කුසගින්න හේතුවෙන් උතුරු ගාසා තීරයේ දරුවන් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා.
වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ සති අන්තයේ ආහාර නොමැතිකම හේතුවෙන් ළමුන් 10 දෙනෙකු මිය ගිය අතර දරුණු මන්දපෝෂණ තත්වයක් ද පවතින බවයි.
කමල් ඇඩ්වාන් රෝහලේදී ළමුන් 15 දෙනෙකු මන්දපෝෂණයෙන් සහ විජලනය වීමෙන් මිය ගොස් ඇති බව ගාසා හි හමාස් විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළා.

උතුරු ගාසා තීරයේ උග්‍ර මන්දපෝෂණය, කුසගින්නෙන් මිය යන දරුවන්, බරපතල ඉන්ධන හිඟය, ආහාර සහ වෛද්‍ය සැපයුම්, රෝහල් ගොඩනැගිලි විනාශ වීම් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අදහස් දක්වා තිබෙනවා.
ඇස්තමේන්තුගත 300,000ක පමණ ජනතාවක් සුළු ආහාරයක් හෝ ජලය පානය කර ජීවත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගාසා තීරයේ සාගතය නොවැළැක්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සතියේ අනතුරු අඟවා තිබුණා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර නිලධාරියෙක් ප්‍රකාශ කර ඈත්තේ ගාසා තීරයේ පුද්ගලයින් 576,000ක් ව්‍යසනකාරී මට්ටමේ ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී ඇති අතර වයස අවුරුදු දෙකට අඩු ළමුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.
ඊශ්‍රායලය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය ඇතුළු රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායල හමුදාව මෙහෙයුමක් ආරම්භ කළේ ඔක්තෝබර් 7 වනදායි.
ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව එදින සිට ගාසා තීරයේ කාන්තාවන් සහ ළමයින් 30,500කට වැඩි පිරිසක් මරා ඇතැයි සඳහන්.