ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් (Jeff Bezos) පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා
මෙතෙක් ලොව ධනවත්ම මිනිසාගේ ස්ථානයේ රැඳී සිටි ඉලෝන් මස්ක් පසුකර ඔහු එම ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් බව එම වාර්තා පෙන්වා දෙනවා.
එහි දැක්වෙන්නේ ඉලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් බවයි.
ඒ අනුව පසුගිය වසරක කාලය තුළදී ඉලෝන් මස්ක්ට ඩොලර් බිලියන 31ක් අහිමිවී ඇති අතර ජෙෆ් බේසොස්ගේ වත්කම බිලියන 23කින් වර්ධනය වී ඇති බව සඳහන්.
Amazon හි කොටස් මිල මෙම වසරේදී සියයට 18කින් ඉහළ ගොස් ඇති අතර ඉලෝන් මස්ක් ගේ ටෙස්ලාහි (Tesla) වත්කම සියයට 24කින් පහත වැටි ඇති බවයි වාර්තා වන්නේ.