27 වන අඟහරුවාදා මේ තැන්වලට ගියා නම් මේ රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න

සරම්ප රෝගියෙකු සිඩ්නි ගුවන් තොටුපළ තුළ සැරිසරා තිබීම හේතුවෙන් ඒ ආශිතව සිටි පුද්ගලයන්ට සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 27 වන අඟහරුවාදා මධ්‍යම වෙළඳ නගරයේ හෝ සිඩ්නි ගුවන් තොටුපළේ සිටි පුද්ගලයන්ට සරම්ප රෝග ලක්ෂණ ගැන විමසිල්ලෙන් සිටින ලෙසටයි දන්වා ඇත්තේ.

නිව් සවුත්වේල්ස් බලධාරීන් අද පස්වරුවේ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටියේ සරම්ප වෛරසය වැළඳී ඇති වික්ටෝරියානු ජාතිකයෙකු අඟහරුවාදා උදෑසන මෙල්බර්න් සිට සිඩ්නි වෙත ගමන් කර ඇති බවයි.

ඔහු එම සංචාරයට පෙර මධ්‍යම වෙළඳ නගරයේ කැෆේ සහ තවත් ගොඩනැගිලි කිහිපයකට ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ දැනට අවදානමක් නොමැති නමුත් සරම්ප වැළඳී ඇති පුද්ගලයා සිටි ගුවන් ගමන්වල හෝ එම ස්ථානයේම සිටි ඕනෑම කෙනෙකුට රෝග ලක්ෂණ මතු විය හැකි බවයි.

සරම්ප රෝගයේ රෝග ලක්ෂණවලට උණ, නාසයෙන් දියර ගැලීම, උගුරේ අමාරුව සහ කැස්ස ඇතුළත් වන අතර සාමාන්‍යයෙන් දින තුනකට හෝ හතරකට පසු ඇති වන රතු ලප හිසේ සිට ශරීරයේ සෙසු කොටස් දක්වා පැතිරෙන බව සඳහන්.

මහජන සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය විකී ෂෙපර්ඩ් පෙන්වා දුන්නේ සරම්ප යනු එන්නත් මගින් වැළැක්විය හැකි රෝගයක් වන අතර එය කැස්ස හෝ කිවිසුම් යන විට වාතය හරහා පැතිර යන බවයි.

ආසාදිත පුද්ගලයා සිටි ස්ථානයෙන් පිටව ගිය පසු ද පැය භාගයක් යන තෙක් වෛරසය වාතයේ රැඳී තිබී අන් අයට ආසාදනය විය හැකියි.

වෛරසයට නිරාවරණය වීමෙන් දින හතත් 18ත් අතර කාලය තුළ රෝග ලක්ෂණ මතු විය හැකි බැවින් ආසාදිතයන්ට නිරාවරණය වී ඇත්නම් සුපරීක්ෂාකාරීව සිටීම වැදගත් වනවා.

රෝග ලක්ෂණ මතු වුවහොත් තම වෛද්‍යවරයාට දැනුම් දීම හෝ වෙනත් රෝගීන් සමඟ පොරොත්තු කාමරයේ කාලය ගත නොකර හදිසි ප්‍රතිකාර අංශයට අමතන ලෙසටයි දැනුම් දෙන්නේ.

පෙබරවාරි 27 වන අඟහරුවාදා පහත ස්ථානවල සිටි ඕනෑම අයෙකු වෛරසයට නිරාවරණය විය හැකි සඳහන්.

Virgin flight VA815, departing Melbourne at 7:25am and arriving in Sydney at 8:53am
Sydney Domestic Airport Terminal 2 arrivals between 8:53am and 9:30am
Domestic Airport Station from 9am to 9:30am
T8 line 9:09am train from Domestic Airport Station to Central Station
T4 line 9:23am train from Central arriving at Martin Place at 09:30am
Martin Place Station from 9:30am to 10am
Toby’s Estate, 25 Martin Place (previously the MLC Centre) between 10am and 11:50am
Gateway Building, Alfred Street, Circular Quay between 11:45am and 4:30pm including the food court from 1:30pm to 2:15pm
Deutsche Bank Place, 126 Phillip Street, ground floor atrium from 4-5pm
Mordeo Bistro & Bar, 126 Phillip Street from 4:30-5:30pm
St James Station between 5pm and 5:30pm
T8 line 5:07pm train from St James Station to Sydney Domestic Airport, Mascot
Sydney Domestic Airport Terminal 3 departures, including food court, from 5:30pm to 7pm
Qantas flight QF483, departing Sydney at 6:40pm and arriving in Melbourne at 8:20pm

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »