ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වන බවට සාක්ෂි ලැබී ඇතැයි වාර්තා වනවා.
පවතින අවශ්‍යතා මත නිවාස පුරප්පාඩු අනුපාතය සියයට 0.7ක වාර්තාගත මට්ටමකට පැමිණ ඇති අතර පර්ත් සහ ඇඩිලේඩ් හි එය සියයට 0.3ක් තරම් අඩු අගයක් ගන්නා බව සඳහන්.
විශ්ලේෂකයින් පවසන්නේ මෑත කාලීන ජනගහන වැඩිවීම හමුවේ නිවාස ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර සැපයුමේ හිඟයක් ද පවතින බවයි.
කැන්බරා සහ ඩාවින්හි සියයට 1.3ක් පමණ ඉහළ මට්ටමකින් නිවාස පුරප්පාඩු අනුපාතයක් පවතිනවා.
සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ගොඩනැගිලි අනුමත කිරීමේ නවතම දත්ත මගින් පෙන්වා දෙන්නේ වේගවත් ජනගහන වර්ධනය සහ දේපල මිල ඉහළ යාම වැනි සාධක හමුවේ සැපයුමේ හිඟයක් පවතින බවයි.
දෙසැම්බර් මාසයේදී නව ගොඩනැගිලි අනුමැතිය සියයට 10.1 කින් පහත වැටුණු අතර ජනවාරි මාසයේදී ගොඩනැගිලි අනුමත කිරීම් තවත් සියයට 1කින් පහත වැටී තිබෙනවා.
කෝලොජික්හි පර්යේෂණ ප්‍රධානී ටීම් ලෝලස් පැවසුවේ ගැටලුව වී ඇත්තේ ඉදිකිරීම් සමාගම් ලාභයක් ලබා ගත නොහැකි බැවින් නිවාස ඉදිකිරීමට මැලි වී ඇති බවයි.
වසර පහක් තුළ නව නිවාස මිලියන 1.2ක් ඉදිකිරීමට රජය කැපවී ඇති අතර තවත් නිවාස ඉදිකිරීම ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවයක් බවට පත් කර තිබෙනවා.