Search

ආදරණීයයන් නිසා කුසගින්නේ සිටින පිරිසක් ගැන තොරතුරු

ජීවන වියදම් අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් තම ප්‍රධාන ආහාර වේල් මගහරින බව අනාවරණ වී තිබෙනවා.

ඔවුන් ෆුඩ් බෑන්ක් වෙත ලියාපදිංචි වී එමගින් ආහාර ලබා ගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි නවතම සමීක්ෂණවලින් අනාවරණ වි ඇත්තේ.

නිවාස කුලී ගෙවීමට, විදුලි බිල්පත් ගෙවීමට මෙන්ම තම සුරතල් සතුන්ගේ ආහාර මිලදී ගැනීමට සිදු වීම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානුවන් දිනයක් ගෙවා ගනු ලබන්නේ කෝපි හෝ පාන් වැනි දෙයක් ආහාරයට ගෙන කුසගින්නේ බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ජීවන වියදම පිළිබඳ සෙනෙට් කමිටුවක් පරීක්ෂණයක් සිදු කළ අතර එහිදී හෙළිවී ඇත්තේ මූලික අවශ්‍යතා සපුරාලීම මෙන්ම තම ආදරණීයයන්ට ආහාර ගැනීමට හැකි බව සහතික කර ගැනීම සඳහා විශාල පිරිසක් ආහාර නොමැතිව සිටින බවයි.

ඔස්ට්‍රේලියාව පුරා මෙම තත්වය වර්ධනය වෙමින් පවතින බැවින් විශේෂඥයින් පෙන්වා දෙන්නේ ආහාර අනාරක්‍ෂිතතා ගැටලුවක අවදානමක් මතුවෙමින් ඇති බවයි.

ඔස්ට්‍රේලියාව පුරා ආහාර අනාරක්ෂිත භාවයට මූලික හේතුව හදිසි අනපේක්ෂිත වියදම් හෝ විවිධ බිල් හමුවේ එදිනෙදා වියදම් දැරීමට අපහසු වීම බවයි ජාතික ආහාර සහන සංවිධානයක් වන ෆුඩ් බෑන්ක් පැවසුවේ.

Foodbank හි ප්‍රධාන විධායක බ්‍රියානා කේසි පවසන්නේ තම සංවිධානය ආහාර සහන සොයන පුද්ගලයින්ගේ සැලකිය යුතු වෙනසක් දකින බවයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »