ආසියානු රටවල් කිහිපයකට ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් බිලියන 2ක්

අග්නිදිග ආසියාවේ ඔස්ට්‍රේලියානු වෙළඳාම සහ ආයෝජන නංවාලීම සඳහා ඩොලර් බිලියන 2ක අරමුදලක් ලබා දීම සඳහා යෝජනාවක් අගමැති ඇන්තනි ඇල්බනීස් විසින් එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

පිරිසිදු බලශක්ති සහ යටිතල පහසුකම් ව්‍යාපෘති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආයෝජන මූල්‍ය පහසුකමක් ලෙස නව අරමුදල අග්නිදිග ආසියානු රටවලට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙල්බර්න් හි පැවැත්වෙන ඕස්ට්‍රේලියානු-ආසියාන් (Australian-ASEAN) සමුළුවේ කොටසක් ලෙස අග්නිදිග ආසියානු ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ පැවැත්වෙන දිවා භෝජන සංග්‍රහයේදී අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් විසින් මේ පිළිබඳ නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පමණක් නොව ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි ප්‍රධාන නැගී එන ආර්ථිකයන් සහිත රටවල තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා තම ආර්ථික සබඳතා පුළුල් කිරීමට අවශ්‍ය බවටයි රජය තීරණය කර ඇත්තේ.

කලාපයේ සමාජ හා ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා ඩිජිටල් ආර්ථිකය යොදා ගැනීම, තරඟකාරී ගෝලීය වෙළඳපල තුළ අලෙවි වන භාණ්ඩ ඉහළ අගයක් සහිත අපනයන බවට පත් කිරීම, කලාපයේ හවුල් බලශක්ති ආරක්ෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔස්ට්‍රේලියාවේ විශේෂඥ දැනුම සහ තාක්ෂණය උපයෝගී කර ගැනීම යෝජනා අතරට අයත්.

මෙම යෝජනාව පැමිණෙන්නේ හිටපු අගමැති ස්කොට් මොරිසන් රජය විසින් පැසිෆික් කලාපය සඳහා ඩොලර් බිලියන 1 දක්වා අරමුදල් සහ ඩොලර් බිලියන 3 දක්වා දිගු කාලීන ණය පහසුකම් ස්ථාපිත කිරීමෙන් වසර පහකට පමණ පසුවයි.

මේ අතර ඕස්ට්‍රේලියානු-ආසියාන් සමුළුවට සමගාමීව අගමැතිවරයා අග්නිදිග ආසියානු නායකයින් රැසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »