ප්‍රංශ බලධාරීන් ගත් ඉතිහාස ගතවෙන තීරණයක් නිසා ලෝකයේම අවධානය

ගබ්සා කිරීමේ අයිතිය ව්‍යවස්ථාවට ඇතුළත් කළ ලොව පළමු රට බවට ප්‍රංශය පත්ව තිබෙනවා.

ගබ්සා කිරීම සඳහා කාන්තාවන්ට ඇති නිදහස තහවුරු කිරීමේ යෝජනාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් ඡන්දය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ සභා දෙකෙන්ම යෝජනාවට පක්ෂව ඡන්ද 780ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 72 ක් පමණයි.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම ජයග්‍රහණය හඳුන්වා දී ඇත්තේ විශ්වීය පණිවිඩයක් යවා ඇති ප්‍රංශ අභිමානයක් ලෙසින්.

කෙසේ වෙතත් වතිකානය ඇතුළු ගබ්සාවට එරෙහි කණ්ඩායම් මෙන්ම මෙම වෙනස දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

ගබ්සාව 1975 වසරේ සිට ප්‍රංශයේ නීත්‍යානුකූලව පවතින නමුත් ජනමත විමසුම්වලින් පෙනී යන්නේ ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මහජනතාවගෙන් 85% ක් පමණ සහාය දුන් බවයි.

ලොව වෙනත් රටවල් කිහිපයක් ඔවුන්ගේ ව්‍යවස්ථාව තුළට ප්‍රජනන අයිතිවාසිකම් ඇතුළත් කරන අවස්ථාවක ගබ්සාවක් ව්‍යවස්ථාවෙන්ම සහතික කරන බව ප්‍රථමයෙන් ප්‍රකාශ කළේ ප්‍රංශයයි.

ගබ්සාව ප්‍රංශ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ගත් පියවර බොහෝ දෙනාගේ ප්‍රසාදයට ද ලක්ව තිබෙනවා.

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »