මාසයකට ඉහතදී අබිරහස් ලෙස අතුරුදන් වූ කාන්තාව සොයන්න නව උපක්‍රම

මීට මාසයකට පමණ ඉහතදී වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්වූ කාන්තාව සෙවීම සදහා රහස් පරීක්ෂක කණ්ඩායම් විසින් නව සෝදිසි උපක්‍රම උපයෝගි කරගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි 4 වනදා උදෑසන ව්‍යායාම් කිරීම සඳහා නිවසින් පිටවු සමන්තා මර්ෆි පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකිවී නැහැ.

ඇයගේ දුරකතනයේ අවසන් සංඥා දත්ත සමග පුලුල් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර අතුරුදන් වූ දින ඇයගේ දුරකතනයට සංඥා ලැබුණු සියලු දුරකතන කුළුණු දත්ත අනුවයි නව විමර්ශන ආරම්භ කර ඇත්තේ.

හදිසි අවස්ථා ආයතන සහ ප්‍රජා සහයෝගය තිබියදීත් කාන්තාවගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකිවීම ගැන සියලු දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

ඇය අතුරුදන්වූ දින සිට දින 6ක් යනතෙක් ඇයගේ දුරකතනය ක්‍රියා කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන්.

සමන්තාගේ අතුරුදහන් වීම පිටුපස කිසියම් අමානූෂික ක්‍රියාවක් සිදුව තිබේ ද යන්න පිළිබඳ පැවසීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවයි රහස් පරීක්ෂක වැඩබලන අධිකාරී මාර්ක් හැට් සඳහන් කළේ.

මීට අමතරව සමන්තා මර්ෆි ගේ සමීපතමයින් සියල්ලන්ගෙන්ම ප්‍රකාශයන් සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

ඒ අනුව වික්ටෝරියා පොලිසිය පැය 12,000කට වැඩි සීසීටීවී දර්ශන සහ තනි තනි පුද්ගලයින් 770 කට වැඩි පිරිසකගේ ප්‍රකාශයන් පරීක්ෂා කර ඇති බවද සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »