ස්පයිඩර් මෑන් මෙල්බන් ගොඩනැගිල්ලක් තරණය කරයි

ප්‍රංශයේ ස්පයිඩර් මෑන් ලෙස විරුධාවලිය ලද ඇන්ඩොල්ෆෝ මෙල්බන්ගි ගොඩනැගිල්ලක් තරණය කළ බව මාධ්‍ය හමුවේ පිළිගෙන තිබෙනවා.

මෙලෙස අනාරක්ෂිත ලෙස උස් ගොඩනැගිලි තරණය කිරීමට එරෙහිව ඔහුට වාරණයන් පනවා තිබුණ ද එම නියෝග නොතකා මෙම පුද්ගලයා ගොඩනැගිලි තරණය කරන බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනවාරි මාසයේදි මෙල්බන්හි CBD උස් ගොඩනැගිල්ල තරණය කිරීම හේතුවෙන් ඔහු අත්ඩංගුවට ගත් අතර දින 4ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඉන් අනතුරුව යළිත් මෙලෙස අනාරක්ෂිත අයුරින් ගොඩනැගිලි තරණය කිරීම වළක්වමින් වාරණ නියෝගයක් ද අධිකරණය පනවා තිබුණා.

මාධ්‍යවේදින් සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී ඔහු කියා සිටියේ ගොඩනැගිලි සහ කඳු තරණය තම විනෝදාංශය වන අතර පොලිස් නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කරන බවයි.

තමන් කිසිවෙකුටත් කරදරයක් හෝ අනතුරක් සිදු නොකරන අතර විනෝදාංශය සඳහා මෙලෙස විවිධ රටවල උස් ගොඩනැගිලි සහ කඳු තරණය කිරීම දිගටම සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

වාරණ පනවා තිබුණ ද යළිත් මෙල්බන්හි ගොඩනැගිල්ලක් තරණය කිරීමට සූදානම් බව ඇන්ඩොල්ෆෝ මාධ්‍ය වෙත සඳහන් කර ඇති අතර තම මීළඟ සංචාරක නැවතුම පැනමාව බව ද කියාසිටියා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »