එංගලන්ත ඉන්දියා ක්‍රිකට් තරගය නිසා ජිවිත 14ක් අහිමි වූ හැටි මාස 4කට පසු හෙළිවෙයි

පුද්ගලයන් 14 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේදී සිදු වූ දුම්රිය අනතුරට හේතුව අනාවරණ වී තිබෙනවා.

ඉන්දීය දුම්රිය අමාත්‍යවරයා සඳහන් කළේ අනතුරට ලක්වූ දුම්රිය දෙකෙහි රියදුරන් දුරකථනයෙන් ක්‍රිකට් තරගයක් නරඹමින් අවධානය වෙනතකට යොමු කර තිබීම මෙම අනතුරට හේතු වී ඇති බවයි.

අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේදී එක් දුම්රියට ලබා දී තිබූ සංඥාවක් පිළිබඳ අවධානය යොමු නොවීම හේතුවෙන් එය වත් දුම්රියක ගැටී අනතුර සිදුවී තිබුණා.

ඔක්තෝබර් 29 වනදා ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර තරගය නරඹමින් දුම්රිය රියදුරන් ධාවනය කර ඇති බවයි දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නව් ප්‍රකාශ කළේ.

සත්කාරක ඉන්දියාව ලකුණු 100කින් ජයග්‍රහණය කළ එම තරගයේ සජීවී විකාශනය නැරඹීමට ද මිලියන ගණනක් ක්‍රිකට් ලෝලීන් එක්වී සිටියා.

එම ක්‍රිකට් තරගය හේතුවෙන් දුම්රිය නියමුවා මෙන්ම සහායක නියමුවාගේ අවධානය වෙනතකට යොමු වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

විශාකාපට්නම් සහ පලාසා (Palasa) අතර ධාවනය වෙමින් තිබූ මගී දුම්රියේ මැදිරි තුනක් සංඥා දෝෂයකින් පසු වෙනත් දුම්රියක පිටුපසින් ගැටී පීලි පැනීමට ලක්වී තිබුණා.

සිද්ධිය වූ අවස්ථාවේ දුම්රිය බලධාරීන් විසින් සිදු කරන ලද මූලික පරීක්ෂණයකදී ද රියදුරු සහ සහායක අතින් වරද සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා.

සිද්ධියෙන් පසු හඳුන්වා දෙන ආරක්ෂක පියවර පිළිබඳව සාකච්ඡා කරමින් දුම්රිය අමාත්‍ය වෛෂ්නව් පැවසුවේ රියදුරන් මෙන්ම සහාය නියමුවන් දුම්රිය ධාවනය කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන බවට තමා වග බලා ගන්නා බවයි.

ඉන්දියාව සැලකෙන්නේ ලොව විශාලතම දුම්රිය ජාල පද්ධති සහිත රටවල්වලින් එකක් ලෙසට වන අතර දිනකට මගීන් මිලියන ගණනක් එම සේවා භාවිතා කරනවා.

නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක ගැටීමෙන් පුද්ගලයන් 300ක් පමණ මිය ගිය 2023 වසරේ ජුනි මාසයෙන් පසු සිදුවූ තුන්වන ප්‍රධාන දුම්රිය අනතුර මෙයයි.

ඉන්දියාවේ මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ව්‍යසනය වූයේ 1981 වසරේදී බිහාර් ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය පීලි පැනීම නිසා පුද්ගලයන් 800කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වීමයි.

පසුගිය පෙබරවාරි මාසයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරෙකු නොමැතිව කිලෝමීටර් 70කට වඩා වැඩි දුරක් ගමන් කිරීමේ සිද්ධියක් ද වාර්තා වුණා.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »