හයිටි බන්ධනාගාර කැරැල්ලෙන් පසු ඇමරිකාවෙන් දැඩි තීරණයක්

හයිටි රාජ්‍යයේ පෝට්-ඕ-ප්‍රින්ස් හි ප්‍රධාන බන්ධනාගාරයකට සන්නද්ධ කල්ලි කඩා වැදීමෙන් පසුව පැය 72 ක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සිද්ධියෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගිය අතර සිරකරුවන් 3,700ක් පමණ බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සන්නද්ධ කල්ලි නායකයින් පවසන්නේ විදේශගත වූ අගමැති ඒරියල් හෙන්රිට ඉල්ලා අස්වීමට බල කිරීම වෙනුවෙන් මෙම සැලසුම් ක්‍රියාත්මක කළ බවයි.

අගමැතිවරයා ධුරයෙන් නෙරපා හැරීම අරමුණු කරගත් කණ්ඩායම් පෝට්-ඕ-ප්‍රින්ස් නගරයේ සියයට 80ක් පමණ පාලනය කරනු ලබනවා.

හයිටි මාධ්‍ය වාර්තා කළේ කැරළිකරුවන් බන්ධනාගාරවලට පහරදීමට පෙර ආරක්ෂක බලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පොලිස් ස්ථානවලට පහර දී ඇති බවයි.

රැඳවියන් පළා ගිය බන්ධනාගාරයේ රඳවා සිටි අය අතර 2021 වසරේ දී ජොවනෙල් මොයිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පිරිසක් ද වුණා.

අග්‍රාමාත්‍යවරයා කෙන්යාවේ නායකත්වයෙන් යුත් බහුජාතික ආරක්ෂක හමුදාවක් හයිටියට යැවීම පිළිබඳව සාකච්ඡා කිරීමට නයිරෝබි වෙත ගිය අවස්ථාවේදීයි මෙම බන්ධනාගාර කැරැල්ල සිදුවී ඇත්තේ.

ස්වේච්ඡා බන්ධනාගාර සේවකයෙක් මාධ්‍ය වෙත පැවසුවේ ජනාධිපති මොයිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිරගත කරන ලද හිටපු කොලොම්බියානු සොල්දාදුවන් ඇතුළු සිරකරුවන් 99 දෙනෙකු ආරක්ෂාව පිළිබඳ බියෙන් ඔවුන්ගේ සිර මැදිරිවල රැඳී සිටීමට තීරණය කර තිබූ බවයි.

මෙම කලහකාරී තත්වය මත පෝට්-ඕ-ප්‍රින්ස් හි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් හයිටියෙන් පිටවන ලෙසයි. පූර්වාරක්ෂාවක්” ලෙස වීසා සේවා වසා දමන බව ප්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කළා.

ජනාධිපති මොයිස්ගේ ඝාතනයෙන් පසු හයිටියේ ප්‍රචණ්ඩත්වය බහුල වී ඇති අතර නව ජනාධිපතිවරයෙක් ඔහු වෙනුවට පත් කර නොමැති අතර 2016 සිට මැතිවරණයක් ද පවත්වා නැහැ.

2022 වසරේ දක්නට ලැබුණු සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඝාතනය කිරීම් සහ පැහැරගැනීම් ඇතුළුව ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ සංඛ්‍යාව 8,400කට වැඩි බවයි ජනවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »