ඔස්ට්‍රේලියාවේ වෙරළ තීර කිහිපයක් සංචාරක ආකර්ෂණය දිනූ හේතුව

කොන්ඩ් නාස්ට් ට්‍රැවලර් (Condé Nast Traveller) සඟරාවට අනුව ලොව වඩාත් ආකර්ෂණීය සහ සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධ ලොව හොඳම වෙරළ තීරය ලෙස ඔස්ට්‍රේලියාවේ පාම් කෝව් (Palm Cove) වෙරළ නම් කර තිබෙනවා.

පාම් කෝව් වෙරළ වැලි සහිත ආකර්ෂණීය වෙරළක් සහ පෞරාණිකත්වය අතින් ප්‍රසිද්ධ වෙරළ තීරයක් වන අතර එය ලෝකයේ හොඳම වෙරළ ලෙසට නම් කිරීම තුළින් ඔස්ට්‍රේලියාව තව දුරටත් සංචාරක ආකර්ෂණීය රටක් බවට පත්වනු ඇති බව සඳහන්.

උතුරු ක්වින්ස්ලන්ඩ් හී පිහිටි පාම් කෝව් වෙරළ තල් ගස්, වෙරළ ජැටියේ සිට ඩොල්ෆින් සහ තල්මසුන්ගේ දර්ශනය නැරඹීම අතින් වඩාත් ප්‍රසිද්ධත්වයට පත්ව තිබෙනවා.

කොන්ඩ් නාස්ට් ට්‍රැවලර් සඟරාවෙහි දක්වා ඇති එකම ඔස්ට්‍රේලියානු වෙරළ තීරය මෙය නොවන අතර තවත් වෙරළතීර 3ක් මෙහි දක්වා තිබීම විශේෂත්වයක්.

එම සඟරා දත්ත අනුව ලොව හොදම වෙරළතීර 10 අතරට හවායි හි ගොනෝපු බීච් (Honopu Beach) සහ ශිට්ලන්ඩ් (Shetland) හි (බ්‍රීකොන්) Brekon, බයිරන් බේ හි (Byron Bay) වෝටගේස් බීච් (Wategos Beach) මුල් ස්ථාන අතරට නම් කර තිබෙනවා.

උතුරු නිව් සවුත් වේල්ස් වෙරළ තීරය ආදරණීය වෙරළ ලෙස නම් කර ඇති අතර පිහිනීම සඳහා සන්සුන් තත්වයන් සහ හිරු බැස යෑම නැරඹීම සඳහා දර්ශනීය ස්ථානයක් ලෙස ද එහි දක්වා තිබීම විශේෂත්වයක්.

සිඩ්නි මොනා වේල් බීච් ද හොදම වෙරළ තීර අතරට එක්ව තිබෙන අතර ක්වීන්ස්ලන්ඩ් හී නූසා වෙරළ තීරයද ඊට ඇතුලත්

බ්‍රිස්බේන් වෙරළ තීරය ද එලෙස නම් කර ඇති අතර කොන්ඩ් නාස්ට් ට්‍රැවලර් සඟරාවෙහි හොදම වෙරළ තීර අතර ඔස්ට්‍රේලියාවට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබෙනවා.

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »