ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 8ක් අහිමිවූ වංචනික ක්‍රියාව

ඇතැම් ජනප්‍රිය පුද්ගලයින්ගේ ආයෝජන මුවාවෙන් සිදුවන වංචනික ක්‍රියාවන් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 8ක් අහිමි ව ඇති බව අනාවරණය වී තිබෙනවා‍.

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික නිරීක්ෂණ ආයතනය මහජනතාවට අනතුරු අඟවා ඇත්තේ අන්තර්ජාල ආයෝජන වෙළඳ වේදිකාවල ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ව්‍යාජ ප්‍රවෘත්ති, ලිපි සහ වීඩියෝවලින් ප්‍රවේශම් වන ලෙසයි.

බොහෝ දුරට සමාජ මාධ්‍යවල ප්‍රචාරණය කරන ලද online ආයෝජනවලට සම්බන්ධ වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 8 කට වඩා අහිමි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ (ACCC) නියෝජ්‍ය සභාපති කැට්‍රියෝනා ලෝව් පැවසුවේ පසුගිය වසරේ පමණක් ස්කෑම් වොච් (Scam watch) වෙත මෙවැනි පැමිණිලි වාර්තා 400ක් පමණ ලැබී ඇති බවයි.

ආයෝජන අවස්ථාවක් ලබා ගැනීමට පෙර ඒ පිළිබඳ හොදින් අධ්‍යයනය කරන ලෙස පාරිභෝගික කොමිසම වැඩිදුරටත් දන්වා තිබෙනවා.

කීර්තිමත් පුද්ගලයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් මාර්ගගත ආයෝජන වෙළඳ වේදිකා භාවිතා කරමින් විශාල මුදලක් උපයන බව ජනතාවට ඒත්තු ගැන්වීමට වංචාකරුවන් ව්‍යාජ පුවත් ලිපි සහ වීඩියෝ නිර්මාණය කර ඇති බව ද සඳහන්.

ස්කෑම් වොච් වෙත ලැබුණු වාර්තාවලින් පෙන්නුම් කරන්නේ කෘතිම බුද්ධි තාක්ෂණය ඔස්සේ මෙවැනි වංචනික ක්‍රියා තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරියට යන අතර ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ රූප යොදවා ගනිමින් මිනිසුන් ඉතා ඉක්මනින් රවටා ගැනීමට වංචනිකයින් ක්‍රියා කරන බවයි.

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »