
ටැටූ පිළිබඳ මෑත කාලීනව සිදුකරන ලද අධ්‍යයනයක් පිළිබඳ තොරතුරු ඇනලිටිකල් කෙමෙස්ට්‍රි (Analytical Chemistry) නමැති සඟරාවෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එහි සඳහන් කර ඇත්තේ ඇතැම් තීන්ත භාවිතයෙන් සිදු කරන ටැටූ හේතුවෙන් සෞඛ්‍ය අවදානම් ඇතිවිය හැකි බවයි.
ඒ අනුව එම අධ්‍යයනය මගින් එක්සත් ජනපදයේ ප්‍රධාන තීන්ත භාවිත කරමින් සිදුකරන ටැටූ සන්නාම නවයක් පිළිබඳ විශ්ලේෂණයක් සිදුකර තිබෙනවා.

එහිදී තීන්ත සාම්පල 54න් 45ක්ම සෞඛ්‍ය අවදානම් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති අතර අනාවරණ නොකළ වර්ණක එහි අඩංගු බවට ද සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ටැටූ සිදු කිරීමට පෙර ඊට යොදාගන්නා වර්ණක සහ ශිල්පීන් සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කළ යුතු බව එම සඟරාවෙන් පෙන්වා දී තිබෙනවා.

ගුණාත්මකභාවයෙන් තොර වර්ණකවලින් සිදු කරන ටැටූ හරහා ඉදිරියේදී සෞඛ්‍ය තත්ත්වය බරපතල පරිහානියකට ලක්විය හැකි බවටයි ඔවුන් අනතුරු අඟවා ඇත්තේ.
ලොව පුරා සිටින ටැටූ ලෝලීන් එම නිර්මාණ තම ශරීරය තුළ සිදුකිරීමට පෙර ගුණාත්මකභාවය, ප්‍රමිතිය සහ තත්වය පිළිබද අවධානය යොමු කිරීම අනිවාර්‍ය වන බවයි සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.