කැපී පෙනෙන්න ගිහින් කැපිලාම යන හැටි

ඔස්ට්‍රේලියාවේ තරුණ රියදුරන් අතින් සිදුවන මාර්ග අනතරු සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පවතින බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

2023 වසරේ මාර්ග අනතුරුවලින් සිදුවු මරණවලට අදාළව වයස අවුරුදු 40ත් 64 ත් වයස් කාණ්ඩයේ රියදුරන් අතින් සිදුවූ අනතුරු ප්‍රමුඛ ස්ථානයට පත්ව ඇති අතර වයස අවුරුදු 17ත් 25 ත් අතර වයස් කාණ්ඩයේ රියදුන් අතින් සිදුවු මාර්ග අනතුරු මරණ දෙවන තැනට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ සිදු වූ මුළු මරණවලින් සියයට 22ක් වයස අවුරුදු 17ත් 25 ත් අතර ඔස්ට්‍රේලියානු රියදුරන් අතින් සිදුවූ මරණ ලෙස සදහන්.

යටිතල පහසුකම් හා ප්‍රවාහන පර්යේෂණ ආර්ථික කාර්යාංශයේ (BITRE) ජාතික දත්තවලට අනුව, මෙම වයස් කාණ්ඩයේ මාර්ග අනතුරු වැඩිවීමේ ඉහළ අගයක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

2022 වසර හා සසඳන විට වයස අවුරුදු 17ත් 25 වයස් කාණ්ඩය රියදුරන් අතින් සිදුවූ මරණ 2023 වසරේදී සියයට 20 කින් ඉහල ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශය හැරුණුකොට අනෙක් සෑම ප්‍රාන්තයකම වයස අවුරුදු 17ට වැඩි සෑම අයෙකුටම රියදුරු බලපත්‍රය ලබා ගත හැකි අතර යටිතල පහසුකම් හා ප්‍රවාහන පර්යේෂණ ආර්ථික කාර්යාංශය විසින් සිදු කල අධ්‍යයනයකදී වැඩි දෙනෙකු සඳහන් කර ඇත්තේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට සුදුසු වයස අවුරුදු 18න් පසු බවයි.

එම අධ්‍යයනය සදහා ප්‍රතිචාර දැක්වූ 6000කට ආසන්න ප්‍රමාණයක් අතුරින් සියයට 44ක් ප්‍රකාශ කළේ තනිව රිය පැදවීම සඳහා සුදුසු වයස අවුරුදු 18 වන බව ප්‍රකාශ කර තිබෙනවා.

අධික වේගය, සම වයස් මිතුරන් අතර කැපී පෙනීමට උත්සහ කිරීම හා මාර්ග සංඥා නොතකා රිය ධාවනය වැනි කරුණු හේතුවෙන් තරුණ රියදුරන් අතර මාර්ග අනතුරු බහුලව සිදුවීමට හේතුව බවයි අනාවරණය වී ඇත්තේ.

තවද වයස අවුරුදු 17 සම්පූර්ණ වීමත් සමග රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව හිමිවුව ද වයස අවුරුදු 21 වන තෙක් තරුණ රියදුරන්ට යම් සීමා පනවන ලෙසටද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »