සිසුන් වැඩි වශයෙන් සරසවි අධ්‍යාපනයට යොමු කරන්න අලුත් වැඩක්

ඔස්ට්‍රේලියානු ශිෂ්‍යයින් වැඩිවශයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමුකිරීම සඳහා නව වැඩපිළිවෙලක් යෝජනා වී තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ ලෙස ඔස්ට්‍රේලියානු ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ඔස්ට්‍රේලියානු සේවකයින් වැඩි පිරිසකට උසස් අධ්‍යාපනය ලබාදීම බව සඳහන්.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ශිෂ්‍යයින් විශාල සංඛ්‍යාවක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමුකිරීම සඳහා මෙම නව යෝජනාක්‍රමය ඉදිරිපත් කර තිබෙනවා.

වර්තමානයේ ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් සියයට 60ක් පමණ ප්‍රමාණවත් උසස් අධ්‍යාපනයක් ලබා ඇති අතර නව වැඩපිළිවෙළ හරහා එම අගය තවදුරටත් වර්ධනය වනු ඇති.

ඒ අනුව 2050 වසර වන විට සියයට 80ක් දක්වා උසස් අධ්‍යාපනය ලැබූ ශ්‍රම බලකාය වර්ධනය වනු ඇති බවටයි පුරෝකතනය කර ඇත්තේ.

මෙම ඉලක්කය සපුරාලීම සඳහා වතමානයේ උසස් අධ්‍යාපනයට යොමු නොවන ප්‍රජාවන්ගේ ළමුන් යොමුකර ගැනීමට සිදු වනු ඇති.

ඔස්ට්‍රේලියාවේ පවතින ශ්‍රම හිඟය සහ රැකියා ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් නිර්මාණය කිරීමට විසඳුම් ලෙස මෙම යෝජනා පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය සිදු කල යුතු බවට විවේචන ද ඉදිරිපත්ව තිබෙනවා.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »