online ගනුදෙනු කරන අය මේ ගැන අවධානයෙන් ඉන්න

ඔස්ට්‍රේලියාවේ ඔන්ලයින් වෙළඳපල ඉලක්ක කර ගනිමින් සිදුවන වංචනික ක්‍රියා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ෆින්ගර් විසින් කරන ලද නව පර්යේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් online අළෙවි වංචාවන්ට ගොදුරු වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සමීක්ෂණයට ලක් වූ පුද්ගලයන්ගෙන් සියයට 10ක් තම පරණ භාණ්ඩ, එනම් සෙකන්ඩ් හෑන්ඩ් (second hand) භාණ්ඩ අන්තර්ජාලය හරහා විකිණීමට උත්සාහ කිරීමේදී මෙලෙස රැවටීමට ලක්ව ඇති බව සඳහන්.

මේ හේතුවෙන් පසුගිය මාස 12ක කාලසීමාව තුළ මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසුවීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් ඩොලර් 560ක් අහිමි වී තිබෙනවා.

සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට පහක් පමණ ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙලෙස භාණ්ඩ අලෙවියේදී එක් වරක් පමණක් වංචනික ක්‍රියාවන්ට හසුවී ඇති බවයි.

තවත් සියයට පහක් එක් වරකට වඩා වංචා සහගත ක්‍රියාවන්ට ගොදුරු වී ඇති බව හෙළිවී තිබෙනවා.

තවත් සියයට 15ක් කියාසිටියේ අන්තර්ජාල රැවටීම්වලට හසුවීමට ගිය ද සිදු කළ විපරම් මගින් එහි වංචනික බව හඳුනා ගැනීමට හැකිවූ බවයි.

වංචාකරුවන් second hand භාණ්ඩ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වංචනික ක්‍රියාවන්ට පෙළඹ ඇති බැවින් ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ෆින්ගර් විශේෂඥ ඇන්ගස් කිඩ්මන් දැනුම් දෙනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »