පිහිනුම් තටාක 960ක් පිරවිය හැකි ඔස්ට්‍රේලියානුවන්ගේ පැණි බීම පානය

සීනි සහිත පැණි රස බීම සඳහා බද්දක් පැනවීමට ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය විසින් යෝනජාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් සෑම වසරකම ඔලිම්පික් පිහිනුම් තටාක 960ක් පිරවීමට ප්‍රමාණවත් තරම් සීනි සහිත බීම පානය කරන බවයි වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ.

රජය විසින් ඔස්ට්‍රේලියානුවන් සීනිවලට වූ ඇබ්බැහිකමින් මුදවා ඒ වෙනුවට ජලය තෝරා ගැනීමට උදව් කළ යුතු බව වෛද්‍ය සංගමයෙහි උප සභාපති ඩැනියෙල් මැක්මුලන් පවසනවා.

නිෂ්පාදකයින් බීම සඳහා එකතු කරන සෑම සීනි ග්‍රෑම් 100ක් සඳහාම ෆෙඩරල් රජයට ශත 40ක බද්දක් අය කළ හැකි බවයි ආචාර්ය මැක්මුලන් අවධාරණය කර ඇත්තේ.

එලෙස සීනි සහිත පැණි බීම සඳහා යම් වාරණයක් පැනවීමෙන් ඉදිරි වසර 25ක කාලසීමාව තුල දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන් 16,000ක් මෙන්ම හෘද රෝගීන් 4,400ක් අඩු කර ගත හැකි බව සදහන්.

තවද සෞඛ්‍ය සේවා සදහා වැයවන ඩොලර් මිලියන 814ක මුදලක් ඉතිරි කර ගැනීමේ හැකියාව ද පවතිනවා.

මේ වන විට ලොව පුරා ඇතැම් රාජ්‍යන් සීනි සහිත බීම නිශ්පාදනය කරන සමාගම් සඳහා බදු පැනවීමට පියවර ගෙන ඇති අතර එම තත්වය රටේ ආර්ථිකයට මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම සදහා උපකාරී වනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »