
වසර 20ක පමණ කාලයක් පුරා එකම ලොතරැයි අංක භාවිතයෙන් තරග කළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කාන්තාවක් ඩොලර් 400,000ක ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.
නුදුරේදීම ඇය සිය සේවා ස්ථානයේ රාජකාරීවලින් විශ්‍රාම යාමට ද නියමිතව සිටින අතර මෙම විශාල මුදල් ජයග්‍රහණයත් සමග විශ්‍රාම දිවිය සුවසේ ගත කිරීමට හැකිවනු ඇති බවයි සඳහන් කර ඇත්තේ.
ටවුන්ස්විල් ප්‍රදේශයට උතුරින් පිහිටි කුඩා නගරයක් වන ෆොරස්ට් බීච්හි පදිංචි වාසනාවන්ත ජයග්‍රාහිකාව සෙනසුරාදා පැවති ගෝල්ඩ් ලොටෝ දිනුම් ඇදීම තුළින් මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබෙනවා.

තමා මෙතෙක් කළක් භාවිත කළ අංක අවසානයේ ජයග්‍රහණය කර ඇති බව විශ්වාස කළ නොහැකි වූ බවයි ඇය සඳහන් කළේ.
ජයග්‍රහණය ලැබුණු දිනයේ සිට එය අදහා ගත නොහැකිව තමා සහ දියණිය කඳුළු සලමින් සිටින බව ඔවුන් ප්‍රකාශ කළා.

මෙම මුදල් තම විශ්‍රාම දිවිය ගත කිරීම සඳහා ඇදහිය නොහැකි තරම් පහසු වනු ඇති අතර එමගින් දරුවන්ට තවත් උපකාර කළ හැකි බව ඇය සඳහන් කර තිබෙනවා.
මෙම කාන්තාවගේ ජයග්‍රාහී ලොතරැයියේ තිබූ අංක වී ඇත්තේ 19, 15, 18, 30, 5 සහ 8යි.