හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් හි ප්‍රධාන බන්ධනාගාරයට සන්නද්ධ කණ්ඩායමක් කඩා වැදී එහි සිටි රැඳවියන් 4000කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගෙන තිබෙනවා.
රැඳවියන් පිරිසක් ආරක්ෂාව හේතුවෙන් රැඳී සිටීමට තීරණය කර ඇති අතර 2021 වසරේ දී ජනාධිපති ජොවනෙල් මොයිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කල්ලි සාමාජිකයන් ද ඊට අයත්.
ඇමරිකා කලාපයේ දුප්පත්ම රට ලෙසට සැලකෙන හයිටියේ ප්‍රචණ්ඩත්වය මෑත වසරවලදී වඩාත් නරක අතට හැරී ඇති අතර පෝට් ඕ ප්‍රින්ස් හි සියයට 80ක් පාලනය කරනු ලබන්නේ අගමැති ඒරියල් හෙන්රි බලයෙන් පහ කිරීම ඉලක්ක කරගත් කණ්ඩායම් විසින්.
අග්‍රාමාත්‍යවරයා කෙන්යාවේ නායකත්වයෙන් යුත් බහුජාතික ආරක්ෂක හමුදාවක් හයිටියට යැවීම පිළිබඳව සාකච්ඡා කිරීමට නයිරෝබි වෙත ගිය අවස්ථාවේදීයි මෙම බන්ධනාගාර කැරැල්ල සිදුවී ඇත්තේ.
වෙඩි තැබීම්වලින් පොලිස් නිලධාරීන් හතර දෙනෙකු මිය ගිය අතර පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ජනාධිපති මොයිස්ගේ ඝාතනයෙන් පසු හයිටියේ ප්‍රචණ්ඩත්වය බහුල වී ඇති අතර නව ජනාධිපතිවරයෙක් ඔහු වෙනුවට පත් කර නොමැති අතර 2016 සිට මැතිවරණයක් ද පවත්වා නැහැ.
2022 වසරේ දක්නට ලැබුණු සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඝාතනය කිරීම් සහ පැහැරගැනීම් ඇතුළුව ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ සංඛ්‍යාව 8,400කට වැඩි බවයි ජනවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ.