තරුණ කණ්ඩායම් අතර පවතින අවදානම් තත්ත්වයක් ගැන වෛද්‍යවරුන්ගේ අවධානය

මෑත වසරවලදී වයස අවුරුදු 25ට අඩු කණ්ඩායම් අතර ඉලෙක්ටොනික දුම්වැටි භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම එම පුරුද්දෙන් මිදීමට වෛද්‍ය සහාය පතන තරුණ පිරිස ද සමාන මට්ටමකින් ඉහළ ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඉලෙක්ටොනික දුම්වැටි සම්බන්ධයෙන් රජයේ මර්දනයන් සමඟ නිකොටින්වලට ඇබ්බැහි වීමෙන් මිදීමට උපකාර සොයන තරුණයින්ගේ වැඩිවීමක් සඳහා වෛද්‍යවරුන් සූදානම් වෙමින් සිටින බව සඳහන්.

වෛද්‍යවරුන් පවසන්නේ තරුණයන් ඔවුන් දුම්පානයට යොමු වීම ඛේදවාචකයක් වනු ඇති බවයි.

නව සංඛ්‍යාලේඛනවලට අනුව, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඉලෙක්ටොනික දුම්වැටි භාවිතයෙන් මිදීමට ඇමතු පුද්ගලයන් 1,225කින් ලාබාලතමයාගේ වයස අවුරුදු 13ක්.

දුම්පානය නැවැත්වීමේ උපකාරක දුරකථන අංකය වෙත ඇමතූ ඔහු 2023 වසරේ දෙසැම්බර් දක්වා මාස 17 කට වැඩි කාලයක් දුම් පානය කර තිබෙනවා.

ප්‍රථම වරට 2022 අගෝස්තු මාසයේදී ඉලෙක්ටොනික දුම්වැටි භාවිතය පිළිබඳ ගැටළු හඳුන්වා දීම හේතුවෙන් ඉන් මිදීමට ඇමතු පුද්ගලයන්ගෙන් සියයට 5ක්ම වයස අවුරුදු 18ට අඩු බවයි හෙළිවී ඇත්තේ.

ඇතැම් අවස්ථාවල දී දුම්වැටි භාවිතයෙන් ඉවත් වීමට උපදෙස් පතන ළමයින් අතර සැලකිය යුතු රෝග ලක්ෂණ ද පවතින බව සඳහන්.

විශේෂයෙන් තරුණයින් අතර භාවිත කෙරෙන ඉලෙක්ටොනික දුම්වැටි ආනයනය තහනම් කිරීම ද ඇතුළුව ව්‍යාප්තිය අඩු කිරීම අරමුණු කර ගනිමින් ෆෙඩරල් රජය මෑතකදී ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පසුගිය වසරේ ෆෙඩරල් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සකස් කරන ලද දත්තවලට අනුව වයස අවුරුදු 18 ත් 24 ත් අතර පුද්ගලයින් ඉලෙක්ටොනික දුම්වැටි භාවිතයේ ඉහළම වැඩිවීමක් වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »