නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය ඇතුලු ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවිමක්

ඔස්ට්‍රේලියානු නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රදේශ රැසක් සඳහා සුළං සහ රළු මුහුද සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ටස්මේනියාවට දකුණින් සාගරයේ ගැඹුරු අඩු පීඩන පද්ධතියක් හේතුවෙන් මෙම තත්වයන් මතු වී ඇති බවයි කාලගුණ අංශ සඳහන් කළේ.

කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් බයිරන්, කොෆ්ස්, මැක්වරි, හන්ටර්, සිඩ්නි, ඉලවාරා, බේට්මන්ස් සහ ඊඩන් වෙරළ තීරයන් සඳහා අද සහ හෙට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ටස්මේනියාවේ ගිනිකොන දෙසින් මුහුදු රළ මීටර් 10 සිට 12 දක්වා උසකට ළඟා වනු ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් නිව් සවුත් වේල්ස් සහ ගිනිකොනදිග ක්වීන්ස්ලන්ඩ් දෙසට ගමන් කරනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

මෙම ප්‍රදේශවල මසුන් ඇල්ලීම, බෝට්ටු පැදීම සහ පිහිනීම සඳහාඅනතුරුදායක වන අතර ක්වීන්ස්ලන්තයේ ගෝල්ඩ් කෝස්ට් ප්‍රදේශයට තද සුළං අනතුරු ඇඟවීමක් ද පවතිනවා.

නිව් සවුත්වේල්ස් පොලිස් බලකාය සහ සමුද්‍රීය විධානය උපදෙස් දෙන්නේ බෝට්ටු කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ගමන් වෙනස් කිරීම හෝ ප්‍රමාද කිරීම සලකා බැලිය යුතු බවයි.

දැනටමත් ජලයේ සිටින බෝට්ටුකරුවන් සුදුසු ආරක්ෂක උපකරණ රැගෙන යා යුතු අතර ජීවිතාරක්ෂක කබායක් පැළඳිය යුතු වනවා.

මේ අතර, කාර්යාංශය ප්‍රකාශ කළේ අද අලුයම ටස්මේනියාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 1500 ක් පමණ ඔබ්බෙන් මැක්වරි දූපතට ආසන්න මුහුදේ රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බවයි.

කෙසේවෙතත් මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව ඔවුන් අවධාරණය කළා.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »