ජීවිත 170ක් අහිමි කළ කිසිවෙකුගේ අවදානය යොමු නොවූ ප්‍රහාරය

බර්කිනා ෆාසෝ හි ගම්මාන තුනකට එල්ල වූ ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු 170 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.

රජයේ නීතිවේදියෙකු සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ කොම්සිල්ගා, නෝර්ඩින් සහ සෝරෝ ප්‍රදේශවලට පහර දුන් පුද්ගලයන් සොයා ගැනීමට උපකාර කරන ලෙසටයි.

නාගරික ප්‍රදේශවලට එල්ල කරන ප්‍රහාර ඇතුළුව සටන්කාමීන්ගේ ප්‍රහාරවල වැඩි අවදානමක් සම්බන්ධයෙන් හමුදා ප්‍රධානීන් අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබෙනවා.

2022 වසරේදී හමුදාව රටේ පාලනය භාර ගනු ලැබුව ද බර්කිනා ෆාසෝහි තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් පාලනය කරනු ලබන්නේ කැරලිකරුවන් විසින්.

පසුගිය පෙබරවාරි 25 වනදා යටෙන්ගා පළාතේ ගම්මානවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ප්‍රහාරය පිටුපස සිටින්නේ කුමන කණ්ඩායමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

සටන්කාමීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරවල වැඩි අවදානමක් පවතින බැවින් සුපරීක්ෂාකාරීව සිටින ලෙසටයි එරට හමුදා ප්‍රධානියා සිකුරාදා තම සෙබළුන්ට අනතුරු අඟවා ඇත්තේ.

නගරවල ආරක්ෂක හමුදාවන්ට එරෙහිව මහා පරිමාණ ප්‍රහාර මාලාවක් සම්බන්ධ අවදානමක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළා.

විචාරකයන් පෙන්වා දෙන්නේ බර්කිනා ෆාසෝ හි අර්බුදය ලෝකයේ වඩාත්ම නොසලකා හරින ලද අර්බුදයක් බවයි.

වසර ගණනාවක් පුරා පැතිරී ගිය අනාරක්ෂිත භාවය හමුවේ මිලියන දෙකකට වැඩි පිරිසකට තම නිවෙස් අතහැර යාමට සිදු වී ඇති අතර, එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව අවුරුදු පහට අඩු දරුවන්ගෙන් හතරෙන් එකක් කුසගින්න විවිධ ගැටලුවලට මුහුණදී සිටිනවා.

කැරලිකරුවන්ට එරෙහි සටන ජය ගන්නා බවට පොරොන්දු වෙමින් හමුදාව වසර දෙකකට පෙර බලය අල්ලා ගත්ත ද ප්‍රචණ්ඩත්වය තවමත් පවතින බව සඳහන්.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »