Search

පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි GPS තාක්ෂණයෙන් සන්නද්ධ කරන්න යයි

සිඩ්නි නුවරදී තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි සඳහා GPS සවි කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

එම ඝාතනයට සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ කොස්තාපල්වරයෙකුට චෝදනා එල්ල වීමෙන් පසුවයි පොලිසියට නිකුත් කරන ආයුධවලට GPS සවි කරන ලෙස පොලිස් නිලධාරියෙක් ඉල්ලා ඇත්තේ.

සැකකාර පොලිස් නිලධාරියා පසුගිය පෙබරවාරි 19 වනදා පැඩින්ටන්හි නිවසකදී පොලිසිය විසින් නිකුත් කරන ලද පිස්තෝලයකින් ලූක් ඩේවිස් සහ ජෙසී බෙයාඩ් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

එම සිදුවීමට දින කිහිපයකට පෙර මිරැන්ඩා පොලිස් ස්ථානයෙන් ලබා දුන් එම අවිය සැකකාර ලැමරේ-කොන්ඩන් නම් නිලධාරියා සන්තකයේ තබාගෙන සිටි බව නිව් සවුත්වෙලස් පොලිසියේ කිසිවකු දැන නොසිටි බව සඳහන්.

මේ අනුව සාමාන්‍ය ප්‍රජාව තුළ සිටින සන්නද්ධ නිලධාරීන් සොයා ගත හැකිවන පරිදි පොලිසිය විසින් නිකුත් කරන ලද ආයුධ සඳහා GPS සවි කළ යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.

මේ අතර සිඩ්නි නුවර මාර්ඩ් ග්‍රාස් පෙළපාලියේ දී මියගිය තරුණ යුවළ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත් වූ අතර එහිදී ඩේවිස් සහ බෙයාර්ඩ් හට සංවේදී උපහාරයක් ද පුද කර තිබුණා.

වාර්ෂික පෙළපාලිය සඳහා මෙවර පොලිසියට ආරාධනාවක් නොලැබුණු ද සාකච්ඡාවලින් පසුව සිවිල් ඇඳුමින් නිලධාරීන් සුළු පිරිසකට සහභාගී වීමට අවසර ලැබී තිබුණා.

ඔවුන් අතර ප්‍රාන්තයේ පොලිස් කොමසාරිස් කැරන් වෙබ් ද සිටි අතර මෙවැනි දුෂ්කර සතියකින් පසු ඊට එක්වීම සතුටක් බවයි ඇය සඳහන් කළේ.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »